The Walking Dead’ Gets Seventh Season on AMC | ඇවිදින මරණය සත්වන අදියර කරා දිගු කෙරේ

මේ දිනවල විකාශය ආරම්භ කල The Walking Dead හයවන අදියරේ දී AMC රූපවාහිනී ආයතනය ප්‍රේක්ෂකයින් හට පවසා සිටියේ හයවන අදියර මෙම කතා මාලාවේ අවසන් අදියර වන බවයි. නමුත් මෙම අදියරේ ඉහල ගිය රේටින්ස් සලකා බැලූ amc ආයතනය පසුගියදා පවසා සිටියේ සත්වන අදියරක් කරා මෙම කතා මාලාව දිගු කිරීමට තීරණය කල බවයි. මේ අනුව සත්වන අදියර ලබන වසරේ ඔක්තෝම්බර් ආරම්භ වීමට ඉඩ ඇති බවට ඔවුන් පවසා තිබෙනවා. Robert Kirkman ගේ කොමික් කතාවක් ඇසුරින් නිමවුණු මේ කතා මාලාව සත්වන අදියරක් කරා දිගු වීම සොම්බී රසිකයන් හට සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානයි…..316840955959ff49ccd56656465fb4b6

පෙර අදියරයන් පිලිබඳ කෙටි හැඳින්වීමක් තමයි පහලින් තියෙන්නේ.

පළමු කතා සමය 

රික් කියන්නේ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමක් හේතුවෙන් රෝහල්ගතවන ඔහුට සිහිය එනවිට මුළු ලෝකෙම අවුඅල් ගොඩක් බවට පත්වෙලා. හැම තැනම කුණුවෙලා ගිය මළමිනී, ලෝකෙම එකම විකාරයක් වෙලා. මෙයාගේ පවුලේ අයට වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඉතින් ඔහොම ඉන්නකොට වෙන්නේ මොනවද කියල ටික ටික මෙයට වැටහෙන්න ගන්නවා, එයා නගරෙට එනකොට ග්ලෙන් විසින් රික්ව බේරාගන්නවා, එතනදී තමයි මේ කල්ලියේ කතාව පටන්ගන්නේ මර්ල් සහ ඩැරල් යන සොහොයුරන් දෙන්නවත් මෙතැනදී තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම එතැනදී රික්ට ටහ්මන්ගේ පවුලේ අයව මුණගැහෙනවා රික්ගේ මිතුරා ෂේන් විසින් එයාගේ පවුලේ අයව ආරක්‍ෂිත තැනකට අරන් ගිහිල්ලා. රික්ගේ බිරිඳ සහ ෂේන් අතර පටලැවිල්ලක් සිද්දවෙනවා. සිදුවීම් දාමයකට පසුව පලවෙනි කතා සමය නිමවෙන්නේ ඉන්න හිටින තැනක් හොයාගෙන අන්තිමටම CDC කියල පරීක්ෂණාගාරෙකට යනව මේකෙන් බේරෙන්න විදියක් හොයාගෙන එතැනදී බලාපොරොත්තු වෙච්ච දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් අත්විදගන්න කණ්ඩායම නැවතත් පාරට වැටෙනවා එතනින් පළමු කතා සමය නිමවෙනවා.

දෙවැනි කතා සමය

දෙවැන්නහි සිද්දවන්නේ සොෆියාව නමැති පුංචි කෙල්ලව අතුරුදහන් වීම සහ මැගී බෙත් ඇතුළු කණ්ඩායම හමුවීම සිද්දවෙන්නේ මෙහිදී තමයි. රික් ඩැරල් ඇතුළු කණ්ඩායම හර්ෂල්ගේ ගොවිපලේ ඉන්නකොට සිද්දවෙන සිදුවීම් දාමය තමා මේකෙදි දිගහැරෙන්නේ ඒ වගේම ලෝරිට ලම් හම්බවෙන්න ඉන්න බව දැනගන්න ලැබීම සහ දරුවාගේ පියා කවුද කියන ගැටලුවත් ෂේන්ගේ මිත්‍ර-ද්‍රෝහීකමත් කතා සමයෙහිම ඉදිරියට ගෙන ආ සොෆියගේ ඉරණම අවසාන කෙලෙස සිදුවේද යන්න ප්‍රේක්ෂකයා හට දැනගන්නට සලස්වමින් ඒ වගේම අවසානයේ විශාල ඇවිදින මලමිනී රැළක්ම ගොවිපළ වෙත ඇදී එනවා ඔයාලා දකින්න ඇති. ඒ රැළ එන්නේ ගොවිපලේ නිවස පැත්තට බව තේරුම්ගන්නා රික්, කාල් සමඟ ධාන්‍ය ගබඩාව වෙත යනවා සැඟවෙන්න. නමුත් නිවස වෙත යන ඒ රැළ වැළැක්විය යුතු නිසාත් ධාන්‍ය ගබඩාව වෙත එන ඇවිදින්නන් විනාශ කිරීම උදෙසාත් රික් විසින් ධාන්‍ය ගබඩාවට ගිනි තබනවා. ඒ අතර නිවසේ සිටි අනෙක් පිරිස උපරිම උත්සාහයක් දරනවා ඇවිදින මල මිනී රැළ ගොවිපළෙන් පන්නා දමන්න. ඉතින් අයෙමත් කට්ටියත් එක්ක පාරට වැටෙනව.

තෙවැනි සහ සිව්වැනි කතා සමයන්

තෙවැන්න සහ සිව්වැන්න වෙන්නේ කණ්ඩායමට සිරගෙයක් හමුවීම, හිරගෙයක් කියනකොට දන්නවනේ ඉතින් ආරක්ෂාව උපරිමයි ඇතුල්වීම පිටවීම අසීරුයි, මේ වගේ ව්‍යසනයකදී ආරක්ෂිතම තැන තමා සිරගෙයක් කියන්නේ ඉතින් කට්ටිය දැන් එතන තමන්ගේ වාසස්ථානය කරගෙන අවාසනාවන්ත සිදුවීමකින් පසුව උනත් රික් සහ ලෝරිගේ දෙවන දරුවා මෙලොව එලිය දකිනවා, ඒ වගේම පහුගිය කොටස්වල නොසිටි මිෂෝන් නැමති චරිතය මිත්‍ර පක්ෂයටත් එකතුවන අතර ගවනර් නමින් හදුන්වගන්න තැනැත්තෙක් සතුරු පාර්ශවයක් ලෙසින් ඉස්මතුවෙනවා. ගවනර් සතුව ජනපදයක් ඇති අතර රික්ගේ කණ්ඩායම සමග ඇතිවන ගැටුමකින් අනතුරව ගවනර් පාරට වැටෙනවා.. තමන් විහින්ම කරගත්තු විනාශයක් හැටියට තමා ඒක කියන්න තියෙන්නේ ඉතින්. ඊට පසුව සිවුවන කතා සමයේ සිරගෙයෙහි සිටින කණ්ඩායමට නව රෝගයකට මෙන්ම ගවනර්ගේ පුනරාගමනයට මුහුණදීමට සිදුවනවා, කරදර මදිවට තවත් කරදර පැමිණෙන අතර ගවනර්ගේ ප්‍රහාරයකින් සිරගෙයහ බිඳවැටෙන අතර නැවත කට්ටිය පාරට වැටෙනවා, නිකම් නෙමේ කණ්ඩායමේ කට්ටිය සී සීකඩ විසිරිලා ගිහින්.. අන්තිමේදී දුම්රිය පර්යන්තයක් වෙත කට්ටියම ලඟාවෙන්ව ඒ වගේම මිට පිලියමක් සොයාගතහැකි ඉයුජින් නමැති විද්‍යාඥයා තවත් දෙන්නෙක් එක්ක මෙයාලගේ කණ්ඩායමට එකතුවෙනව. ඒ වගේම දැන් කට්ටිය ඉන්නේ කොච්චි පෙට්ටියක, දුම්රිය පර්යන්තයේ ඉන්න අය අභිරහස් දෙයක් සිදුකරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින් තමයි හතරවෙනි කතා සමය නිම උනේ.

පස්වැනි කතා සමය

පස්වැනි කතා සමය ආරම්භ වෙන්නේ විසිරුණු කණ්ඩායම නැවත එක්කාසුවිමෙන්, ඊට පස්සේ කරදර රැසකට මුහුනදෙන කට්ටියට අලුත් ක්ෂේම භූමියක් හමුවෙනවා, ඒ තවත් සමාජයක්, ගිණි පෙලෙල්ලෙන් බැට කාපු රික් ඇතුළු පිරිස කණාමැදිරි එළියටත් බයයි මේ වෙද්දී, ඉතිං රික් ඇතුළු පිරිස තමන් දැන් රැඳිලා ඉන්න නව ජනාවාසය ගැන හොඳ අධ්‍යනයක් කරනව, මේ වගේ දරුණු කාලයකදී මේ ජනපදයේ පාලනය කරන උදවිය තම පාලනය කරගෙන යන ආකාර වැරදි බව රික් ඇතුළු පිරිසට තේරුම් යනව, බොහොම නිසලව ගාලාගෙන ආපු කතාව අන්තිමේදී උණුසුම් වෙන්න පටන් ගන්නවා, ඒ කොහොමද කියල බලපු පිරිස දන්නවා,
(පසුගිය අදියරයන් පිලිබඳ හැඳින්වීම – ශාන් විමුක්ති [වීමා])

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *