Supergirl Pilot episode review | ආරම්භක කොටසේ විග්‍රහය

Supergirl Pilot episode review

*****SPOILERS AHEAD******supergirl-melissa-benoist-costume

සුපර්ගර්ල් අපිට ඉස්සෙල්ලම කොමික් එකකින් දැකගන්න පුලුවන් වුනේ 1958දී නිකුත් වුන සුපර්මෑන් #123 කලාපයෙනුයි. ඒ වගේම මේ කතාව ලිව්වෙ Otto Binder විසින්. Al Plastino සහ Curt Swan විසින් තමයි සුපගර්ල්ව කොමික් ලෝකයට එකතුකරේ. අපි ඉස්සරහට සුපර්ගර්ල් ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු. ඉස්සෙල්ලම අපිට දකින්න හම්බවෙන්නෙ ක්‍රිප්ටෝන් වල දර්ශණ පෙලක්. ඒ කියන්නෙ ක්‍රිප්ටෝන් විනාශ වෙන්න මොහොතකට පෙර. ඒ වගේම අපිට දකින්න හම්බවෙනවා Kal- El, එහමත් නැත්තම් අපේ අනාගත සුපර්මෑන්ව,Capture

ඊලගට අපිට දකින්න පුලුවන් Kara-Zor-El. ඇය ක්‍රිප්ටෝන් වලදී කැල්-එල් ට වඩා වැඩිමහල් කියල පේනවනෙ. ඇයගෙ මව Alura සහ ඇයගෙ පියා Zor-El ව. Zor-El කියන්නෙ Jor-El, එහෙම නැත්තම් Kal-El ගේ පියාගෙ සහෝදරයෙක්. මේ නිසා තමයි කාරා, ක්ලාක් ගෙ සහෝදරියක් වෙන්නෙ, Alura කියන නම පස්සට වැදගත් වෙයි ඒ නිසා මතක තියාගන්න තරමට හොඳයි. ඒ වගේම කාරා ව පෘතුවියට යවන්නෙ ඇයි කියලා කාරාගේ දෙමව්පියො ඇයට පැහැදිලි කරල දෙනවා. ක්ලාක් වගේ නෙවෙයි, කාරා පෘතුවියේදී තමන්ට අතිවිශේශ හැකියාවන් ලැබෙන බව කලින්ම දැනගන්නවා. නමුත් කොමික්බුක් වල තියෙනවට වඩා වෙනස් විදිහකට තමයි මේකේ පිටපත ලියලා තියෙන්නෙ. ඒ නිසා අපිට වෙනස් දේවල් ගොඩක් දකින්න්ට ලැබෙයි.1

යානයෙන් පිටත් වෙන කාරා වැරදීමකින් ෆැන්ටම් සෝන් එකකට ඇතුල් වෙනවා. ෆැන්ටම් සෝන් එකක් කියන්නෙ හරියට කලු කුහරයක් වගේ දෙයක්. මේක් ඇතුලෙ කාලය ගත වෙන්නෙ නෑ. ක්‍රිප්ටෝන් විනාශවෙලා අවුරුදු 24කට පස්සෙ කාරාව ෆැන්ටම් සෝන් එකෙන් නිදහස් වෙලා පෘතුවියට එනකොට ඇයත් එක්ක එකට ක්‍රිප්ටෝන් වලින් නික්මුන කැල්-එල්, සුපර්මෑන් විදිහට ලෝකෙ නම් දරල ඉවරයි. ඒත් කාරට තවම වයස 13යි මොකද ෆැන්ටම් සෝන් එකෙන් උන බලපෑම නිසා.2අපිට දකින්න පුලුවන් කාරා පෘතුවියට එනව්ත් එක්කම සුපර්මෑන් ඇවිල්ලා ඇයව නිදහස් කරගන්නවා. අපිට මූන නම් පෙන්නන්නෙ නෑ…. කොහොමද වැරදිලාවත් හෙන්රි කැවිල්ගෙ සුපර්මෑන්වත් උනොත්? හැබැයිමේක වෙන්නෙ නම් නෑ කියලා තමයි කියන්න වෙන්නෙ. ක්ලාක් ඇයව බාර දෙනවා ඩෙන්වර්ස්ලට. ඔවුන් ක්ලාක්ට උදවු කරපු විද්‍යාඥය යුවලක්. කාරා තමන්ගෙ නම කාරා ඩැන්වර්ස් කියලා වෙනස් කරගෙන පෘතුවි වැසියෙක් විදිහට ජීවත් වෙන්නෙ මේ වෙලාවෙ ඉඳන්,5මීලගට අපිට දැක ගන්න පුලුවන් තරුන කාරාව. ලස්සන හුරුබුහුටි පෙනුමක් තියෙන කාරා, කාරා වැඩකරන්නෙ CatCo worldwide media ආයතනේ ප්‍රධානියා Cat Grant ගේ සහය නිළධාරීනිය විදිහටයි.
ඇරෝ වලදි ඇරෝගේ නගරය ස්ටාර් සිටි, ෆ්ලෑශ්ගෙ නගරය සෙන්ට්‍රල් සිටි වුනා වගේම කාරා, නැත්තම් සුපර් ගර්ල් ගෙ නගරය තමයි නැශනල් සිටි කියන්නෙ.6

Winn Schott , කාරාගෙ ඔෆිස් මේට්…. මේට් කිව්වට ස්කොට්ගෙ හිතේ කාර ගැන ලොකු ක්‍රශ් එකක් තියෙනව වගේ. කොමික් ලෝකයෙදී ස්කොට් කියන්නෙ ටෝයිමෑන් කියන විලන් විදිහටයි. supergirltoymanඒත් මම හිතන්නෙ අපිට දැන්මම(මේ සීසන් එකේදි) ස්කොට්ව ටෝයිමෑන් විදිහට බලාගන්න බැරිවෙයි.ඉස්සෙල්ලම කාරා තමන්ගෙ පවර්ස් යොදාගන්න වෙලාව මතකනෙ . ක්ලාක් වගේම එයාටත් සුපර් හියරින් තියෙනවා කියල පැහැදිලීනෙ.7ඒ වගේම James Olsen ව අපිට පලවෙනි පාරට දකින්න පුලුවන්. ජිමී කියන්නෙ සුපර්මෑන්ගෙ,එහෙම නැත්තම් ක්ලාක්ගෙ ලගම යලුවෙක්. ස්මෝල්විල් ටිවී සීරියස් එක බලපු අයට මතක ඇතිනෙ. ඒ වගේම කාරගෙ හිතේ ජිමීට පොඩි කැමත්තක් තියෙනව කියල බලපු ගමන් අපිට පේන්න තියෙනවා. අපි බලමුකො .

Alex Danvers කියන්නෙ කාරව හදාගන්න ගත්ත ඩැන්වර්ස්ලගෙ ඇත්ත දුවට. ඒ කියන්නෙ කාරගෙ සහෝදරියට. කාරා සහ ඇලෙක්ස් ගොඩක් ලගින් ඉන්නවා කියල අපිට මේ දර්ශන වලින් පේනවා.
ඇලෙක්ස් ගෙ ගුවන් යානය අනතුරට ලක්වුන වෙලාවෙ අපිට කාරගෙ අනිත් පවර්ස් ටිකත් බලාගන්න පුලුවන්. කොමික්බුක් වලට අනුව නම් කාරා කලාක්ට වඩා ගොඩක් පවර්ෆුල්. අවුරුදු දයකට පස්සෙ උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව කාරා එයාගෙ පවර්ස් පාවිච්චි කරන විදිහ නම් ටිකක් අවුල් වගේ කියල හිතුනා. මොකද අවුරුදු දහයක් කියන්නෙ ලොකු කාලයක්. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකේම ප්ලේන් එකක් බේරගන්නව කියන ලොකු වැඩක්. ඒ නිසා ඉස්සරහට එන එපිසෝඩ් වලට ලොකු දේවල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. ඇලෙක්ස්, කාරා තමන්ගෙ හැකියාවන් ලෝකයා දකිනවට අකමැතියි කියලත් අපිට මේ දර්ශන වලින් දැක බලාගන්න පුලුවන්.8

කාරා තමන් තමයි සුපර්ගර්ල් කියන්නෙ කියලා වින්ට කියනවා. ඒ කියන්නෙ වින්ට තමන්ගෙ ඕනම දෙයක් කියන්න තරම් වින්ව විශ්වාස කරන්වා කියන එකනේ. ඉස්සරහට මේ දෙන්න අතර ලොකු බැදීමක් දැකගන්න පුලුවන් වෙයි. සුපර්ගර්ල්ගෙ ඇඳුම නිර්මාණය කරන්න වගේම එයාට බැකප් එක දෙන්න ඉන්නෙ වින් තමයි.9

සුපර්මෑන්ට වගේම සුපර්ගර්ල්ටත් ඒ පවර්ස් ටිකම තියෙනවා කියල මීලග දර්ශන වලින් බලාගන්න පුලුවන්. ඒ වගේම සුපර්හීරෝ කෙනෙක්ට Cape එකක් වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපිට කියල දෙනවා.11

S is for House of El :vgiphy

ක්‍රිප්ටනයිට්….? ඔව් ක්‍රිප්ටනයිට් තමයි. ක්ලාක්ට වගේම කාරාටත් ක්‍රිප්ටනයිට් වලින් බලපෑම ඇති වෙනවා. මොකද ඒ දෙන්නම ක්‍රිප්ටෝන් වලින් ආපු නිසා. ගොඩක් අය හිතනවා ක්‍රිප්ටනයිට් කියන්නෙ ක්‍රිප්ටෝන් වල තියෙන ගල් වර්ගයක් කියලා. නමුත් ඇත්තටම ක්‍රිප්ටනයිට් හැදෙන්නෙ ක්‍රිප්ටෝන් විනාශ වෙනකොට සිදු උන අධික උෂ්ණත්වය සහ පීඩනය නිසා සෑදුන අලුත්ම මූලද්‍රව්‍යක් විදිහට.
ඩිරෙක්ටර් Hank Henshaw ව අපිට ඉස්සෙල්ලම දැකගන්න පුලුවන් මෙතනදි. හැන්ශෝ කියන්නෙ කොමික්බුක්වලදි නම් සුපර්මෑන්ගෙ හතුරෙක් විදිහටයි ඉන්නෙ. සමහරවිට ඉස්සරහට මේ දේ වෙන්නත් බැරි කමක් නෑ .12

Fort Rozz කියන්න්නෙ ක්‍රිප්ටෝන් වල හිරකරුවො පිටුවහල් කරන තැනක්. මේක යානයක් වගේ. ෆැන්ටම් සෝන් එක ඇතුලෙ තිබුන මේක කාරාගෙ යානයත් එක්ක පෘතුවියට ඇදිලා අවිල්ල තියෙනවා.13 ඒ කියන්නෙ ෆ්ලෑශ්ට මෙටා හියුමන්ලව අල්ලනවා වගේ ඔන්න සුපර්ගර්ල්ටත් එයාටම කියලා ජොබ් එකක් පැටවිලා තියෙනවා. DEO එකේ එක තැනකදි හැන්ශෝ කියිනවා සමහරක් මිනිස්සු සුපර්මෑන්ට බයයි කියලා. සමහරවිට හැන්ශෝ ඒ නිසා ඉස්සරහට හතුරෙක් වෙන්නත් සම්භාවිතාවක් තියෙනවා.ඇලෙක්ස් මෙච්චර දවසක් තමන්ට හොරෙන් DEO( Department of Extra-Normal Operations) වල වැඩ කරා කියල කාරා දැන ගන්නවා.10

Vartox අපි කොමික්බුක් වලදි දන්න විදිහට නම් හීරෝ කෙනෙක් විදිහට තමයි දකින්න ලැබුනේ. ඒත් මේ ඒ vartox නොවෙන්නත් පුලුවන්. Vartox කියන්නෙ ක්‍රිප්ටෝනියන් කෙනෙක් නොවුනත් ඔහුටත් සුපර්ගර්ල් හා සමාන පවර්ස් තිබුනා.කාරාට සුපර්ගර්ල් කියල නම දාන්නෙ කවුද කියල ඔන්න අපි දැන් දන්නවා. ඒ කැට් ග්‍රාන්ට්. ඒත් කාරා ඒකට කැමති නෑ වගේ. ඒත් සුපර්-වුමන් කියන්නෙ ඉගියක්වත්ද?

ක්ලාක්ට තියෙන දුර්වලකම් ඒ වගේම කාරාටත් තියෙනවා. ලෙඩ්(ඊයම් ආවරණ) තුලින් පේන්නෙ නෑ කියපු වෙලේ ඒක හොදින් තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම වාටොක්ස්ගෙ පොරවට පුලුවම් උනා කාරට තුවාල කරන්න. සමහරවිට ඒ ආයුධය ක්‍රිප්ටෝනියන් නිසා වෙන්න පුලුවන්.

ඇලෙක්ස්, කාරට තමන්ගෙ දෙමව්පියන්ගෙන් ලැබුන පනිවිඩය ලබා දෙනවා. ඇලෙක්ස් හරි වෙලාව එනකම් මේක තියාගෙන ඉන්න ඇත්තෙ කාරා සූදානම් වෙනක්ම් වෙන්න ඇති.අන්තිමට හැන්ශෝ, වාටොක්ස්ව අල්ලගන්න කාරගෙ උදව් ලබාගන්න කැමති වෙනවා. ඒ ඇලෙක්ස්ගෙ බලපෑම උඩ. හැන්ශෝ වගේම ඇලෙක්සුත් ඉස්සරහට ලොකු භූමිකාවක්නිරූපණය කරයි කතාවෙදි.16

කාරගෙ හීට් විශන් එක අපිට පලවෙනි පාරට දැකගන්න පුලුවන්. ඒත් කාරගෙ හීට් විශන් එක ක්ලාක්ට වඩා වෙනස් පාටක් තමයි තිබුනෙ. ඒ කියන්නෙ නිල් පාට වගේ. ඒ වගේම වාටොක්ස් මැරෙන්නෙ ලොකු දෙයක් ඉස්සරහට එන බව එළිකරලා. ඒත් එක්කම හෑන්ක් කියනවා ඇලෙක්ස්ව DEO එකට සම්බන්ධ කරගත්තෙ කාරා නිසා කියලා.17

ජිමී දැනගෙන ඉදල තියෙනවා කාරාට මේ හැකියාවන් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන මොකදව ජිමීව නැශනල් සිටි එකට එවල තියෙන්නෙ සුපර්මෑන් විසින්ම නිසා. ඒ කාරා ගැන හොයල බලලා සුපීට වාර්තා කරන්න.18

කවුදමේ ජෙනරල් කියල ආමන්ත්‍රණය කරන කාන්තාව? පේන විදිහට ඇය Alura Zor-El(කාරාගෙ මවගේ ) නිවුන් සහෝදරිය. ඒ කියන්නෙ ක්ලාක්ගෙ සහ කාරගෙ නැන්දා තමයි මේ කාන්තාව. ක්‍රිප්ටෝන් පාලනය කරන්න ඇයට ලොකු ඕන කමක් තිබිලා තියෙනවා වගෙයි පේන්නෙ. ඒ වගේම ඇය පෘතුවියට ඇවිත් තියෙන්නෙ අනිවාර්යෙන්ම Fort Rozz හරහා වෙන්න ඕන. ඇයව එහෙට පිටුවහල් කරන්න ඇත්තෙ කාරාගෙ මව විසින් වෙන්න පුලුවන්. නමුත් අපිට මේ චරිතය කොමික් වලදි නම් දැකගන්න ලැබිලා නෑ. ඒත් අපිට ඉතිරි වෙන ප්‍රශ්නය තමයි මේ ජෙනරාල් කියන කාන්තාව කාරාගෙ පවුලට සම්බන්ධ වෙන්නෙ මවගේ පාර්ශ්වයෙන් නම්, ඇයට කාරාත් එක්ක තියෙන ලේ නෑකම මොකක්ද කියන එක…..

#Luthor

comicscript.online.lk

Comic Script (144 Posts)


2 thoughts on “Supergirl Pilot episode review | ආරම්භක කොටසේ විග්‍රහය

  • November 1, 2015 at 11:32 AM
    Permalink

    තැන්කු මචෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *