Gotham S02E06 Review | දෙවන අදියරේ සයවන කොටසේ විග්‍රහය

Gotham S02E06 – By Fire
****** Spoiler Alert ******
ඔන්න ටිකක් පරක්කු වෙලා උනත් අදත් සුදානම ගෝතම් කතාමාලාවේ මේ පාර ආපු කොටසේ රිවිව් එක ගේන්න.. ගියපාර කොමික් වලට කෙලින්ම සම්බන්ධ දේවල් ගොඩක් එකපාරම දීපු නිසාද මන්දා මේ පාර කොටසේදී කොමික් සම්බන්ධ කරුණු නම් ගොඩක් අඩුවෙන් තිබුනේ. මේ සීසන් එකේ මෙතෙක් ආපු කොටස් වලින් ටිකක් උද්වේගය අඩු එපියක් උනත් අවසාන දර්ශන කිහිපයේදී ඉදිරියේ වෙන්න තියෙන දැවැන්ත සිදුවීම් වලට පොඩි ඉඟියක් දුන්න නිසා නරකම නෑ මේ පාරත්..
01 – Handful servant – මතක ඇතිනේ ගියපාර පෙන්ගුයින්, අම්ම ගැන දැනගන්න ඕනේ නිසා බුච් ගේ ඇත කපල තියෝ ගාවට යවන්න හදනව.. ඒ සැලැස්මේ මුල් ටික නම් සාර්ථකව සිද්ද උනා, නමුත් හිතපු විදිහටම කරගන්න නම් පෙන්ගුයින්ට බැරි වෙයි වගේ.01
02 – Balance – තියෝ තමන්ගේ ගමන බොහොම සමබරව කරගෙන යන බවක් තමයි පේන්න තියෙන්නේ.. තමන්ගේ ගමනට සහයෝගය ගන්න චාටු කතා වගේම තර්ජනත් හොඳින් පාවිච්චි කරනවා.02
03 – Bad Cop – Mad Cop – පලවෙනි සීසන් එකේ හිටපු ජිම්ව අපිට මෙවර දැකගන්න ලැබෙන්නේ නෑ කියල අපිට දැන් තේරෙනවා.. කලින් මෙහෙම දේවල් බුලොක් කරනකොට ජිම් තමයි එයාව නවත්තන්න උත්සාහ ගත්තේ.. ඒත් දැන් ජිම් නරක පොලිස් කාරයාගේ භූමිකාව, එහෙම නැත්තම් දරුණු පොලිස් කාරය විදිහට දිහටම වැඩ කරනවා.. කලින් එපියක හාවී කිව්වා මතක ඇති ගෝතම් වල කෙලින් වැඩ කරන්න විදිහක් නෑ කියල.. ඒ ගැන ජිම් ගොඩක් දුරට තේරුම් අරගෙන වගේ..03
තව දෙයක් තමයි ඔතනදි ජිම් පාවිච්චි කරන ෆයර්බග් කියන නම.. කොමික් වලදී අපිට ෆයර්ෆ්ලයි සහ ෆයර්බග් කියල එකම තාලේ හතුරෝ දෙන්නෙක් හම්බවෙනවා.. ඔතනින් ෆයර්බග් කියන නම නම් එච්චරම ජනප්‍රිය නම් නෑ..
04 – Cat moves – කොමික් වලදී කැට්වුමන් කියන්නේ ඇන්ටි හීරෝ කෙනෙක්,එක නිසාම සමහර වෙලාවට හොඳ දේවලුත් කරනවා.. මෙතැනදී නම් කතාවේ ඉස්සරහට අවශ්‍ය වෙන නිසා අපිට පෙන්නුවේ හොරකම් කරන එක ගැන විතරයි..04
මට මෙතැනදී ආපු ලොකුම ප්‍රශ්නේ තමයි මොකටද සෙලිනා කූඩුව ගාවට එනකම් මුහුණ ආවරණය කලේ කියල.. තමන්ගේ මුණ පෙන්නන්න ඕනේ නැතිම තැනදී මුහුණු ආවරණය ගැලෙව්වම වැඩක් තියෙනවද? එකටම හරියන්න බ්‍රිජට්, නීතියෙන් පැනල යන කෙනෙක් බලෙන්ම තමන්ව අනතුරේ දාගත්තා මුහුණු ආවරණය දාගන්නේ නැතුව ඉඳලා.. අද කතාවේ තිබුන දුර්වලම තැනක්..04 ii
05 – This is Gotham – කැප්ටන් බාර්න්ස් නිතිය මොනම විදිහකින් වත් කැඩෙනවට කැමති නෑ.. නිතිය රකින එක සහ ප්‍රචණ්ඩත්වය අතර තියෙන සීමාව පනින්න හොඳ නෑ කියල බාර්න්ස් අවවාද දෙද්දී කියන දෙයින් තේරෙනවා බාර්න්ස් ටත් මොකක් හරි හීත් තැවුලක් තියෙනවා කියලා.. කොහොම උනත් ජිම් ට ගොඩක් පරිස්සම් වෙන්න වෙයි ඉස්සරහට..
අනික මෙතැනදී ජිම් කියන දේත් ගොඩක් ඇත්ත.. ගෝතම් කියන්නේ වර්ණවත් නගරයක් නෙමෙයි.. අපරාධ,දුෂණය හැමතැනම.. ඉතින් ඒ වගේ නගරෙක කළු – සුදු වලටම අමතරව හොඳ සහ නරක කියන දේ සමව තියාගන්න වෙනවා.. ඒක ජිම්ට ඉගෙන ගන්න උන විදිහ මම අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑනේ..
මෙතනදී තමයි අපිට පලවෙනි පාරට ෆයර්ෆ්ලයි කියනවා ඇහෙන්නෙත්..05
06 – Training Day – හිතපු විදිහටම නැති උනත් ආරම්භයක් විදිහට අපිට මේ ලැබුණු බැට් කේව් එක නරකම නෑ වගේ.. ඇල්ෆ්රෙඩ් පොරොන්දු වෙච්ච විදිහටම බ්රුස් ට ගහගන්න පුරුදු වෙනවා.. එත් ඒ ගියාපර වගේ නෙමෙයි,ඊට වඩා තාත්වික විදිහට.. අනික මෙතැනදී ඇල්ෆ්රෙඩ් දෙන උපදේශය (කොමික්) ලෝකේ හොඳම රහස් පරීක්ෂකයා (මිට වඩා හොඳ අය නැතුවම නෙමෙයි හැබැයි) වෙන්න ඉන්න කෙනාට ලැබෙන වටිනා උපදේශයක්.. මේක මතක තියාගෙන ප්‍රශ්න විසඳන්න වගේම මේ දේ තමාගේ වාසියට පාවිච්චි කරන්නත් බැටා අමතක කරන්නේ නෑ..06
කොහොමත් ඉතින් බැට්මෑන් කියන්න අපි හිතන තරම්ම සාධාරණව සටන් කරන කෙනෙක් නෙමෙයිනේ.. තමන්ගේ බට්ලර් ගේ අත හපන්නේ පොඩි කමට කියල ඒක නිසා හිතන්න හොඳ නෑ..මොකද එහෙම කරන එකාම තමයි තමන්ගේ ලඟින්ම ඉන්න අයව පරද්දන විදිත් ළඟ තියාගෙන ඉන්නේ..06 ii
පොඩි එකා උනාට මුට තියෙන්නේ මහ එකෙක්ගේ වගේ පැණි මුණක්.. :3 කොහොම හරි ඔය කාපු පාරෙන් වත් ඇල්ෆ්රෙඩ් උගන්නන්න හදපු දේ තේරුම් ගත්තනම් ලොකු දෙයක්..06 iii
07 – Fire and Ice – ක්රින්ගල් සහ තොම්ප්කින්ස් කරන කතාව හොරෙන් නිග්මා අහගෙන ඉන්නවා.. එක තමයි හැබැයි නිග්මට වරදින තැනත්.. මොකද අයිස් වගේ නිවිච්ච නිග්මා අභ්‍යන්තරයෙන් ගින්නක් වගේ දරුණුයි.. ඒ වගේම හරිම අඳුරුයි..07
08 – Ginger girl –  කාලෙකට පස්සේ අයිවී ව ආපහු පෙන්නුවා.. ගෝතම් වල අනිත් චරිත හොඳින් සංවර්ධනය උනාට අයිවී ගේ චරිතය නම් ගොඩක් ආසර්ථකයි.. කොමික් වලදී වගේම පැමෙලා අයිස්ලි කෙනෙක්ව නෙමේනේ කොහොමත් ගෝතම් වල ඉන්නේ.. 08
මෙතැනදී සෙලිනා ජෙන්කින්ස් වල ඉන්නවා කියල දැනගන්න ලැබුනා කියලා තමයි බුලොක් කියන්නේ.. dc ආයතනයේ කොමික් කතා වලට චිත්‍ර ඇඳපු “පෝල් ජෙන්කින්ස්” ට ගෞරවයක් විදිහට තමයි මේ නම සඳහන් කරලා තියෙන්නේ..wp_ss_20151028_0004
09 – කලින් කිව්වා වගේ සෙලිනා කියන්නේ නරක වැඩම කරන කෙනෙක් නෙමෙයි කියල අපිට මෙතැනදී මතක් කරනවා.. තමන්ගේ යාළුවව බේරගන්න යුද්ධ කරන්න උනත් සෙලිනා සුදානම්..09

10 – Mallet – බුච් ගේ නැතිවේච්ච ඇත වෙනුවට ලැබුන දේ නරකමත් නෑ නේ.. මොකද කොහොමත් කාගේ හරි අතකොළුවක් වෙලානේ හිටියේ/ඉන්නේ..

ඇත්තටම මේ අතකොලුවෙන් කොමික් වලට සම්බන්ධ දෙයක් කියවෙනවද කියල නම් මට හරි විශ්වාසයක් හෝ මතකයක් නෑ.. අදහසක් තියෙනවා නම් කියන්න..10

11 – Burning – බ්‍රිජට් ගේ ඇතුලාන්තයේ දැල්වෙමින් තිබ්බ ක්‍රෝධය ෆ්ලෙම් ත්රෝවර් එකෙන් පිට කළා.. මේ පාර සීසන් එකේ මුලික තේමාව දුෂ්ටයින්ගේ පිබිදීම නිසා බ්‍රිජට් ගේ ඇතුලාන්තයේ හිටපු ෆයර්ෆ්ලයි වත් එලියට ගෙනාව.. කොමික් වලදී ෆයර් ෆ්ලයි කියන නම තියෙන අය දෙන්නෙක් හම්බ වෙනවා, ඒ ටෙඩ් කාර්සන් සහ ගාෆිල්ඩ් ලියොන් කියන දෙන්න.. 11
12 – Brainwashing – ආපහු පාරක් පෙන්ගුයින් ගේ වෑයම වැරදෙනවා වගේ.. තියෝ කියන්නේ බොහොම සැලකිල්ලෙන් ඉන්නා දරුණු ප්‍රතිවාදියෙක්..ඒ නිසා බුච් ගේ(පෙන්ගුයින් ගේ) යටි අරමුණ තියෝ අල්ලගන්නවා.. ඉස්සරහට බලන්න ලැබෙයි ටැබතා ට බුච් ගේ මනස ආපහු සරයක් ස්වාධින කරන්න පුළුවන් උනාද කියල..12
13 – in the end, its all that matters – බ්රුස් ගැන තියෝ ට තියෙන සැලසුම නම් තාම හරියටම පැහැදිලි නෑ.අපි දන්නවා වේන් පරම්පරාවෙන් පලි ගන්න තමයි තියෝ මේ දේවල් කරන්නේ කියල, ඒ උනත් ඒ කොහොමද කියල මේ පාර කොටසෙන් නම් අපිට දැනගන්න ලැබුනේ නෑ.. මොනවා උනත් බ්රුස් කොලුවව පුළුවන් තරම් තමන්ගේ ලඟට කිට්ටු කරගන්න දරන උත්සාහය නම් මේ වෙනකම් හරි ගිහින් තියෙනවා.. ඒකට සිල්වර් වත් ඉත්තෙක් කරගෙන වගේ..
මට තියෙන ප්‍රශ්නේ තමයි ටැබතා ගේ මුහුණේ තිබුන පැල්ලම ගැන බ්රුස් ට සැක හිතුනේ නැද්ද කියල.. ඊටත් වඩා ප්‍රශ්නේ හැඩ වැඩ දාගෙන කෑම මේසෙට ආවට ඔය ලේ පැල්ලම කොහොමද මගහැරුනේ කියල..13
14 –  Heating up – නිගමා සහ ක්රින්ගල් දෙන්න එයාලගේ සම්බන්ධතාවය වේගයෙන් ඉස්සරහට අරගෙන යනවා.. ඒ උනත් ඉතින් වේගය මරුවා කැඳවයි කියන දේ දෙන්නටම අමතක වෙලා..14
15 – Don’t Play with Fire – ගින්දරත් එක්ක සෙල්ලම් කරලා ඇත පුච්ච ගන්න එපා කියල අපිට අම්මල කොච්චරවත් කියල තියෙනවද.. බ්‍රිජට් ඒ දේ දැනගෙන හිටියේ නැතුව ඇති.. ජෙරම් ට උනා වගේ බ්‍රිජට් ටත් මතක හිතෙන රංගනයක් අපිට දීලා කතාවෙන් අයින් වෙන්න උනා..15
16 – Devil’s Hand – මම කලිනුත් කිව්වා වගේ තියෝ ගෝතම් වල ගොඩක් තැන් එයාගේ අතෙන් හිරකරගෙන ඉන්නවා.. බ්රුස් වත් මෙයාට එහෙම්මම පාලනයට නතු කරගන්න ලැබුනද මන්දා.. මේ රහස් ටික එලි වෙනකම් ඉතින් අපිට බලාගෙන ඉන්න වෙන දිගටම..16
තවත් කාරණයක් තමයි මේපාර ගෝතම් කතා මාලාවේ ගොඩක් තැන්වලදී අපිට ගින්දර කියන දේ කෙලින්ම සහ වක්‍රාකාරයෙන් ඉදිරිපත් කළා..කතාවේ තේමාව හොඳින් ආරක්ෂා කරගෙන තියෙනවා. ගින්දරම යොදා ගත්තේ නැති උනත් වර්ණ භාවිතය,වචන සහ යෙදුම් භාවිතය වගේම හැඟීම් තුලිනුත් අපිට ගින්දර කියන දේ සියුම්ව මතු කරලා පෙන්නුවා.. ඒ අතරිනුත් මම කැමතිම තැන තමයි බ්රුස් සහ තියෝගේ කතාව තියෙන දර්ශනයේ ඉඳන් අම්ම නැති දුක් “ගින්නෙන්” පෙලෙන පෙන්ගුයින් ව පෙන්නන්න දර්ශනයට මාරු කරන විදිහ..
අනික කොහොමත් ගෝතම් කියන්නේ ගින්දර වගේ නිතරම වෙනස් වන කතාවක්/තැනක් කියල අපි දන්නවනේ..ගෝතම් වල මේ වගේ දේවල් මිට කලිනුත් කළා මතක ඇති..
17 – True or False? – මටනම් හිතන්නේ මෙතැනදී පෙන්ගුයින්ව උගුලකට අහු කරන්න හදනවා වගේ.. මම එහෙම කියන්නේ ඊලඟ කතාවේ ප්‍රොමෝ එකේ තියෙන දර්ශන නිසා එහෙම නිගමනයකට එන්න සිද්ද වෙන නිසා.. මොනවා උනත් ඊළඟ පාර කොටසදි ගොඩක් දේවල් ඇවිලෙයි කියල හිතෙනවා.. බුච් ගේ හිතෙත් පෙන්ගුයින් ගැන තියෙන ගිනි පුපුරු දැල්විලාද දන්නේ නෑ..17
18 – Jim’s Little Friend – සෙලිනා මෙතැනදී බ්‍රිජට් පිච්චුනා කියල දන්නවද නැද්ද කියල හරියටම අදහසක් මට නම් ආවේ නෑ.. දන්නවා හෝ නොදන්නවා හෝ ජිම්ට තිබුනා ඔයිට වඩා හොඳට සෙලිනාට කරුණු පැහැදිලි කරලා දෙන්න.. කොහොම හරි මෙතැනදී ආපහු පාරක් ජිම් ට පෙන්ගුයින් ගේ වැඩ ගැන වද වෙන්න වෙනවා.. 18
19 – Got Fired – කලින් කිව්වා වගේම නිග්මා සහ ක්රින්ගල් ගේ වේගය නිසා අවසානය නම් සුභදායි උනේ නෑ.. කොමික් වලදී නම් නිග්මා කියන්නේ මෙච්චරම මානසික වශයෙන් පිඩා විඳින කෙනෙක් නෙමයි.. ගෝතම් වලදී ඒ කාරණය වෙනස් වෙලා.. මම එහෙම කියන්න හේතුව ගෝතම් පොලිසියේ අධිකරණ වයිද්යවරයා වෙච්ච කෙනා තේරුම් ගන්නේ නෑ බෙල්ල තද කරගෙන හිටියම හුස්ම හිරවෙනවා කියලා.. ආදරය වෙනුවෙන් නොකරන දෙයක් නෑ වගේම ආදරයෙන් උමතු උනාම කරන දේවල් වල පාලනයක් නෑ කියන එක වෙනත් විදිහකට පෙන්නුවා නම් මම කැමතියි..
මොනවා උනත් කතාව පටන් ගනිද්දිම අපිට තේරුනා ගෝතම් වලදී රිඩ්ලර් චරිතය බිහි කරන්නේ උත්සාහ ගන්නේ මේ ආදර සම්බන්ධතාවය හරහා කියල..19
20 – Indian Hill – ඉන්දියන් හිල් කියන නම අපිට මිට කලින් ගෝතම් වලදී අහු වෙලා තියෙනවා.. පලවෙනි සීසන් එකේ මැද හරියේ (හරියටම මතක නෑ කීවෙනි කොටසේද කියල) පෙන්ගුයින් වෙනුවෙන් මරෝනි ත් එක්ක ෆැල්කන් හුවමාරු කරන්නේ ආකම් ගනුදෙනුවෙන් ලැබිච්ච ඔය ඉන්දියන් හිල් කියන කොටස.. එතනදිත් කියවෙනවා වගේ අපිට පේනවා එතරම් වැඩකට නැති මුදු බිමක්.. නමුත් එකට යටින් තියෙන්නේ වේන් සමාගමෙන් හොර රහසේ කරගෙන යන ව්‍යාපෘතියක ගොඩනැගිල්ලක්. මෙතනදී අනිත් අය මැරිලා කියල හිතන බ්‍රිජට් ව අරගෙන අරගෙන එන කෙනෙක් කියනවා එතන ඉන්නෙත් බ්‍රිජට් වගේ විකෘතිකයෝ කියලා.. මෙතැනදී පෙන්වන දේවල් සහ පෙන්නන අයගෙන් හරියටම දහසක් ගන්න බෑ මොකක්ද මේ කියල.. නමුත් මෙතන වෙන්නේ මොකක්ද කියන දේට වඩා මට තියෙන ගැටලුව පෙන්ගුයින්,මරෝනි හෝ ෆැල්කන් මේ දේවල් ගැන දැනන් හිටියද කියලා.. ඒ දේවල් දැනගන්න නම් තව ටිකක් ඉවසන්න වෙයි..20
#Gotham_sII_eVI_Review
#ClownPrinceOfCrime
w9sI9RK
Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *