ඉදිරි දිගහැරුම XCVI | Kingsman: The Secret Service 2 | ඔත්තු කරුවන්ගේ දෙවන රජ දැක්ම

Kingsman: The Secret Service චිත්‍රපටය හැමෝටම මතක ඇතිනේ. මං විශ්වාස කරනවා අනිවාර්යෙන්ම හැමෝම ඒක බලලා ඇති කියලා. නැත්තම් අදම නොවරදවාම බලන්න අමතක කරන්න එපා. මෙන්න මේකයි කාරණය,1 (10)ඇමරිකානු ඩොලර් මිලියන 81 ක් විදමින් නිර්මාණය කරන ලද Kingsman: The Secret Service ලොව පුරා තිරගතවීමත් සමග සම්පුර්ණ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 400 උපයාගැනීමට Matthew Vaughn හා ඔහුගේ කණ්ඩායම සමත් වුණා. IMDb අගය පවා 7.8/10 අතිවිශිෂ්ට අගයක් ලබා ගැනීමට සමත් වුණා. තිරගත වීමෙන් පසු ලැබූ ඔවුන් කියා සිටියා ඒ වන විටත් දෙවන චිත්‍රපටය සදහා තිරපිටපත ලියමින් ඇති බව හා ලබන අවුරුද්දේ මුල් මාස කිහිපයේ තිරගත කිරීම සදහා සැලසුම් කර ඇති බව. පුංචි නිහැඩියාවකින් පසුව ඊයේ දිනයේ ඔවුන් ප්‍රකශ කළා මෙම Kingsman: The Secret Service හි දෙවන අදියර ඒකාන්තයෙන්ම තිරගත වන දිනය. ඒ තමයි 2017 ජූනි 16. 2017 කියන අවුරුද්දත් 2015 වගේම බොහොම තීරණාත්මක අවුරුද්දක් බවට පත්වෙනවා. මොකද Furious 8 හා තවත් සුපිරි ගනයේ චිත්‍රපට රැසක් නිකුත් වීමට නියමිත නිසා. අවුරද්දක කාලයක් තවත් දීර්ඝ කරලා. නමුත් ඉතිං මේක තමයි ඒකාන්තයෙන්ම නිකුත් වන දිනය. තවම නළු නිළියන් ගැන හරි හැටි විස්තරයක් නම් ලබා දීලා නැහැ. ලබා දුන් සැණින් බයිස්කෝප් මංසල හරහා දැනුවත් කරන්නම්.

චාමර සම්පත් (43 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *