Batman: Bad Blood Trailer Breakdown | නවතම DC තිළිණය

පහුගිය දිනවලදී පැවැත්වුණු New York Comic Con එකේදී release වුණු 2016 වසරේදී නිකුත් වෙන්නට නියමිත DCලාගේ ”Batman: Bad Blood” animated movie එකේ trailer breakdown එක ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. CS-Arrow-S04E03-01

2014 දී ආපු ”Son of Batman” animated movie එකට සහ 2015 දී ආපු Batman v. Robin animated movie එකට සමගාමීව තමයි මේ movie එක සිදුවෙන්නේ. ඒ කියන්නේ Son of Batman movie එකට සහ Batman v. Robin animated movie එකට පසු කථාව තමයි මේක. Son of Batman movie එකෙන් පස්සේDark Knight කිසිඳු සලකුණක් සොයාගන්නට බැරි වන ලෙස අතුරුදහන් වනවා. මේ නිසා ඔහුගේ ස්ථානය original Robin, a.k.a. Nightwing/Dick Grayson භාරගන්නවා. Gotham නගරයේ ආරක්ෂාව තහවුරු කරන්න Grayson ගේ සහයට එන්නේ Bruce Wayneගේ පුතා වන, Damien Wayne යි. මේ වන විට Damien Wayne තමයි අලුත්ම Robin බවට පත්වෙලා ඉන්නේ. Gotham කියන්නේ අපරාධ වැඩිලෙස සිදුවන නගරයක් නිසාම Graysonට සහ Damienට සහය වන්නට Batwoman, a.k.a. Kathy Kane, and Batwing, a.k.a.Luke Fox යන දෙදෙනා එකතු වනවා. Batwoman සහ Batwing දෙදෙනාව අපිට animated movie එකකදී අපිට දැකගන්න ලැබෙන පලවෙනි අවස්ථාව මේක තමයි. දැනට තියෙන ආරංචි වල හැටියට මේ සිව්දෙනා එකතුවෙලා Gotham නගරය ආරක්ෂා කරමින් Bruce Wayneට කුමක් සිදුවුණාදැයි ගවේශණය කෙරෙන ආකාරයටයි කථාව සමන්විත වෙලා තියෙන්නේ.

1 – Batman is missing in actionCS-Arrow-S04E03-02

Trailer එක පටන් ගන්නකොටම අපිට මේ දේ දකින්න ලැබෙනවා. Batman වගේ කෙනෙක් සටන් කළත් පෙනුමෙන්, සටන් විලාශයෙන් සහ කටහඬින් මේ Batman නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒ වගේම trailer එකේදි අපිට දැකගන්න ලැබෙනවා Where’s Batman කියලා tablet එකක දිස්වන රූපරාමු පෙළක්. එහෙනම් ඇත්තටම Bruce Wayneට මොකද වුනේ? මේ දේ Bat-Family එකේ අනිත් අයට කොහොම බලපාවිද කියන කාරණා ගොඩක් දුරට movie එකේදී සාකච්ඡා වේවිද?

2 – Time for the Original Robin to pick up the MantleCS-Arrow-S04E03-03

Bruceගේ අතුරුදහන් වීමත් සමඟම ඒ තැන භාර ගන්නේ Nightwing a.k.a. Dick Grayson විසිනුයි. Gotham වල තිබෙන අපරාධ වලක්වමින් තමන්ගේ mentor වන Batmanගේ කීර්ති නාමය ඉදිරියටත් රඳාපවතින්න වැඩ කරන්නයි ඔහුට උවමනා වෙන්නේ. මේ නිසා තමයි Dick, Bruceගේ legacy එක භාර ගන්නේ. ගෝතම් වලට අවශ්‍ය වන වීරයා වෙමින් වැඩ කරන්නට නම් Dickට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉදිරි රූපරාමුවලදී Damian Wayne විසින් Dickට පවසන දෙයින් ඒ බව මනාව පැහැදිලි වෙනවා. “If that’s your best Batman, you’re not gonna fool anyone…Grayson.” කියන වැකියෙන් අපිට අලුත් Batman කවුද කියන එක සහ Batmanව අනුකරණය කිරීම සහ ඔහුගේ තැන වෙනකෙකුට ගැනීම අපහසු බව මනාව පැහැදිලි කරනවා.

3 – Damian Wayne returns to GothamCS-Arrow-S04E03-05

Son of Batma movie එක බලපු අයට නම් Damian Wayne ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Trailer එකේ පෙන්නන විදියට නම් Damian Wayne මේ වෙනකොට ඉන්නේ ආශ්‍රමයකයි. ගොඩක් දුරට අර Where’s Batman කියලා internet එකේ පෙන්වන නිසා Damian තමන්ගේ තාත්තා වන Bruce Wayneව හමුවෙන්න Gotham වලට එනවා වෙන්න පුළුවන්. එතනදී ඔහු සිදුව ඇති දේ දැනගෙන Dickට උදව් කරන්න එකතුවෙනවා වෙන්න පුළුවන්.

කලින් Robinලාට වඩා Daminගේ Robinට අඳුරු පැතිකඩක් තියෙන නිසා මේ ආකාරයට ඔහුගේ වීරයෙක්ගේ ස්වභාවය ඉස්මතු කරන්න මේක අවස්ථාවක් කරගත්තා වෙන්න පුළුවන්. Ra’s al Ghulගේ මුණුපුරා හැටියට නැතුව වීරයෙක් හැටියට Damianව අපිට බලාගන්න බොහෝ ඉඩක් තියෙනවා. මේ නිසාම ඉස්සරහට එන Batman related animated movies වලදීත් අපිට Damianව දැකගන්න ඉඩ ලැබේවි.

4 – The Criminal AllianceCS-Arrow-S04E03-06

මේ පාර පරණ villainsලා වගේම අලුත් villainsලා සෙට් එකකුත් movie එකට ඇතුළු වෙලා ඉන්නවා. පේන විදියට නම් Firefly, Killer Moth, Mad Hatter,Electrocutioner සහ Heretic තමයි මේ කණ්ඩායමේ සාමාජිකයන් වෙන්නේ. ඒ අතරින් Heretic බොහෝදුරට කණ්ඩායමේ නායකයා වේවි. Trailer එකේදී මෙයාලගේ අරමුණ මොකද්ද කියලා හරියටම තේරුම්ගන්න අමාරුයි ඒත් මොකක් හරි ලොකු දෙයක් තමයි මෙයාලා plan කරන්නේ. සමහර විට Bruceගේ අතුරුදහන්වීමත් එක්ක මෙයාලගේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්.

5 – Batwoman joins the FamilyCS-Arrow-S04E03-07

Batwoman a.k.a Kathy Kane මේ movie එකට අලුතින් එකතුවන චරිත වලින් එකක්. මෙයා ටිකක් වෙනස් විදියට වැඩ කරන කෙනෙක්. Kathyගේ තුවක්කු භාවිතය ගැන නම් Batman පොඩ්ඩක්වත් කැමැත්තක් පළ කරන්නේ නැහැ. ඒ වගේම දැනට තියෙන rumors වලට අනුව නම් Bruce අතුරුදහන් වෙන්නේ Kathyව බේරගන්න ගිහින්ලු. මේ නිසාම Kathy Kane, Bat-family එකට සම්බන්ධ වේවිලු. මේ නිසා ඉස්සරහට අපිට Batwoman Batman animated movie එකක් බලාගන්නත් ඉඩකඩක් ලැබේවි.

6 – Say Welcome to BatwingCS-Arrow-S04E03-08

Batwing a.k.a. Luke Fox කියන්නේ අපි දන්න Lucius Fox ගේ පුතායි. New 52 වලදී ඉන්න Batwingව තමයි අපිට මේ movie එකේදී බලාගන්න වෙන්නේ. Luke Fox කියන්නේ world class boxer කෙනෙක්. ඒ වගේම ඊට පස්සේ Lukeව train කරන්නේ Batman විසිනුයි. මීට කලින් හිටිය Batwing වුණු David, Zavimbe, Batwing කියන නාමයෙන් ඉවත්වූ පසු Luke ඒ නම අරගන්නවා. Movie එකේදී අපිට Batwingගේ origin story එකක් බලාගන්න පුළුවන් වෙයිද කියලා කියන්න අමාරුයි. ඒත් ඒ හා සම්බන්ධ සිදුවීමක් හෝ දෙකක් මෙතනදී කථාබහ වෙන්න පුළුවන්.

7 – The Dark Night is Back!!CS-Arrow-S04E03-01

Trailer එක අන්තිමටම අපිට ආයෙත් Batmanව දකින්න ලැබෙනවා. මේ ඉන්නේ Dick Grayson නෙවෙයි. එහෙනම් මේ ඇත්තම Bruce වෙන්න ඕනේ. එහෙනම් අන්තිමට Bat Family එක එකතුවෙලා Heretic ඇතුළු පිරිසට හොඳට සංග්‍රහ කරාවි වගේ. ඒ වගේම අන්තිමට Batman කියනවා ”From here on it’s only family” කියලා. ඒ කියන්නේ මේ movie එකට පස්සේ එන ඊලඟ movie එක මේ movie එකේ sequel එකක් වේවි කියන එකයි.

ගොඩක් දුරට මේ movie එකේදි Batmanව ප්‍රධාන චරිතය ලෙසට දිගටම යොදා නොගන්න හේතුව Bat Family එක fansලා අතරට ගෙනියන්න ඕනෙ නිසා වෙන්න පුළුවන්. මේ නිසාම ගොඩක් දෙනෙක් මේ movie එක එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉඳීවි.

#SH

http://comicscript.online.lk/

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *