Gotham S02E05 Review | දෙවන අදියරේ පස්වන කොටසේ විග්‍රහය

Gotham – 02×05 – Scarification
******* Spoiler Alert *******
ගෝතම් කතා මාලාව එන්න එන්නම හොඳ වෙනවද මන්දා.. පලවෙනි සීසන් එක පටන් ගන්නත් කලින්ම අපිට කියපු විදිහටම සඳුදා දිනය වෙනදා තිබුනට වඩා විශේෂ දවසක් විදිහට දැන් හැරවිලා ඉවරයි.. මේ සතියේ ඒක තවත් ඉහලට දැම්ම වගේ හැඟීමක් ඇති උනා බලල ඉවර උනාම.. මේ පාර අපිට පැහැදිලි හෝඩුවාවන් වගයක් හම්බුනා කොර්ට් ඔෆ් අවුල්ස් වලට සම්බන්ධව.. මේ පාර සීසන් එකේ තේමාව වන දුෂ්ටයන්ගේ නැගිටීම කියන්නේ මොකක්ද කියල දැන් නම් හොඳටම තේරෙනවා වගේ.. ගෝතම් කතා මාලාව පටන් ගන්නකොට බ්රුනෝ හේලර් කිව්වා කාරණයක් තමයි නෝලන් ගේ බැට්මෑන් ට කැමති රසිකයන් සහ කොමික් රසිකයන් දෙගොල්ලන්ටම රසවිඳින්න පුළුවන් විදිහට ගෝතම් කතාව ගෙන්න සුදානම් කියල.. කොහොම උනත් මේ පාර කොටසෙන් වැඩිපුරම සතුටු වෙන්න ඇත්තේ කොමික් රසිකයන් වෙන්න ඕනේ..
01
01. The Tool – ගියාපාර සීසන් එකේ මැද හරියකට පස්සේ අපි ආපහු පාරක් දුර්වල පෙන්ගුයින් කෙනෙක්ව දකින්නේ මෙතැනදී.. තියෝ කියන්නනේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියල දැන් අපිට තේරෙනවා.

 

02
02. Mother’s Son – අපිට දැන් තේරෙනවා පෙන්ගුයින් පීඩනයකට ලක්වෙලා තමයි මේ වැඩ කරන්නේ කියල.. එයාගේ වෙනදා තිබුන සැලසුම් සහගත් බව අම්මට වෙලා තියෙන දේ නිසා නැති වෙලා.. එක නිසාම තමයි ගෝතම් පොලිසියේ ඉලක්කයක් බවටත් පත් උනේ…
03
03. The Hand – තියෝ තමන්ගේ ගමන යන්න කරන්න ඕන දේවල් උපරිමයෙන්ම කරනවා.. කෙනෙක්ට තර්ජනාත්මකව ඇඟිල්ල දික් කරන ගමන්ම තවත් කෙනෙක්ට මිත්‍රත්වයේ දෑත් දිගුකරනවා.. කොහොම හරි ගෝතම් නගරයේ ගොඩක් තැන තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න තියෝ මේ වනවිට සමත් වෙලා තියෙනවා..
04
04. Heat – පෙන්ගුයින් වෙනදට වඩා මේ දේවල් නිසා රත්වෙලා ඉන්නේ.. ටැබතා ගේ හැසිරීම නිසා තවත් ටිකක් කලබල වෙනවා වගේ.. රජෙක් වගේ හිටපු කෙනාව ආපහු කුඩේ අරගෙන යන කොලුවා ගානට දාන්න ටැබතා-තියෝ දෙන්නට පුළුවන් උනා..
05
05. Kringma – අපේ නිග්මා සහ ක්රින්ගල් දෙන්නගේ සම්බන්ධය නැගල යනවා වගේ.. කලින් හිටපු බියගුළු නිග්මා දැන් නැත්තටම නෑ වගේ.. අපි දන්නවා රිඩ්ලර් කියන්නෙත් දෙයක් කරද්දී පැකිලෙන්නේ නැති කෙනෙක්,ඒ උනත් හොඳට හිතල කරන දේ කරනවා..
06
06. The Eye – බන්ඩස්ලෝව තියොට ඕනේ උනේ මොකද කියල අපිට දැන් තේරෙනවා.. නමුත් මේ ප්‍රහාරය කරවන්නේ පිහියක් හොරකම් කරවන්න විතරයි.. මේකේ තියෙන වැදගත්කම මම ඉස්සරහට පැහැදිලි කරන්නම්..
07
07. The Knive – අද කතාවේදී අපිට මුලින්ම කොර්ට් ඔෆ් අවුල්ස් ගැන හෝඩුවාවක් ලැබෙන්නේ මේ පිහිය නිසා.. නයිට් ඔෆ් ද අවුල්ස් කොමික් ආර්ක් එක ක්‍රොස්ඕවර්ස්/ටයි ඉන්ස් එක්ක කියෙව්වනම් මතක ඇති එකේදී ටැලෝන් ලා පිහි 05ක් හොයාගෙන එනවා.. මේ පහෙන් එකක් තියෙන්නේ පෙන්ගුයින් ගාව.. මේක හොයාගෙන Catwoman #9 දි කැට්වුමන් සහ එප්රීම් නිව්හවුස් කියන ටැලෝන් එතනට එනවා..අපට ගෝතම් වලදීත් මිට සමාන සිදුවීමක් තමයි දකින්න ලැබුනේ.. ගෝතම් වල ගිනි තැබීම පහක් වෙනවා කියල අපිට කියනවා, ඒවගේම මෙතැනදී කොමික් එකේ වගේම නැති උනත් සෙලිනා(අනාගත කැට්වුමන්) සහ පෙන්ගුයින් දෙන්නත් සම්බන්ධ වෙනවනේ..
08
08. High Society – කතාව බලනකොට මේ විනාඩි කිහිපය මගේ හදගැස්ම වැඩි කළා.. කොමික් ෆෑන් කෙනෙක්ව මේ තරම් සතුටු කිරීමක් ටෙලිවිෂන් ඉතිහාසයේදී වෙලා නැතුව ඇති.. කොමික් වලට සම්බන්ධ දේවල් ගොඩක් මෙතනදී පොකුරු බෝම්බයක් වගේ පහත් උනා..
* අවුරුදු 200 කට කලින් ගෝතම් වල උසස් සමාජයේ බලවතුන් පස්දෙනා ගැන අපිට මුලින්ම කියනවා.. ඒ
01 – එලියට් පරම්පරාව – එලියට් පරම්පරාව කියන්නේ කොමික් වලදීත් ගෝතම් වල ඉහල පැලැන්තියේ පරම්පරාවක්.. එලියට් කියන නම කොමික් ෆෑන්ස් ලා ගොඩ දෙනෙක් හොඳටම දන්න නමක්.. බ්රුස් වෙන් ගේ යාලුවෙක් වෙන තෝමස් එහෙමත් නැත්තම් ටොමී එලියට් පවත් එන්නේ මේ මෙයාලගෙන්.. ටොමී එලියට් කියන්නේ කවුද කියල දන්නේ නැත්තම් අදම බැට්මෑන් හෂ් කොමික් ආර්ක් එක කියවන්න.. කොමික් කියවන කෙනෙක් නම්,විශේෂයෙන්ම dc කතා කියවන කෙනෙක් නම් ජෙෆ් ලෝබ් ගේ හෂ් අනිවාර්යයෙන්ම කියවන්න කියල මම නිර්දේශ කරනවා..
02 – කේන් පරම්පරාව – ගෝතම් වල තවත් ඉහල සහ පරණම පරපුරක් විදිහට කේන් පරම්පරාව කොමික් වලත් දකින්න ලැබෙනවා.. අපේ යාලුවන්ට කැතරිනා කේන් එහෙමත් නැත්තම් කැති/කේට් කේන් නම අහල පුරුදුද? එක තමයි බැට්වුමන් ගේ නම.
03 – ක්‍රවුන් පරම්පරාව – ඇසිල්ලකින් මේ නම කියල දැම්මට කොර්ට් ඔෆ් අවුල්ස් සම්බන්ධව ලැබිච්ච වටිනාම සඳහනක් තමයි මේක.. මොකද ක්‍රවුන් පරම්පරාවෙන් තමයි නයිට්වින්ග් එහෙමත් නැත්තම් ඩික් ග්‍රේසන් පැවත එන්නේත්..
කොමික් එකේදී අමෙලියා ක්‍රවුන් සහ විලියම් කොබ් දෙන්නට දරුවෙක් ලැබෙනවා.. විලියම් කොබ් කියන්නේ කොර්ට් ඔෆ් අවුල්ස් වල භයානකම ටැලෝන් වෙන කෙනා.. ඉතින් මේ නම සඳහන් කරපු එකේ වටිනාකම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..
මේ දෙන්නගේ දරුවාව හේලි’ස් සර්කස් එහෙමත් නැත්තම් ඩික් ග්‍රේසන් හැදෙන වැඩෙන සර්කස් එකට භාර දෙනවා.. ඒ ඉදිරියේදී ටැලෝන් කෙනෙක් වෙන්න ඕනේ කරන සුදුසුකම් ලබාගන්න.. එතනින් තමයි ග්‍රේසන් පරම්පරාව පටන් ගන්නේ.. කොමික් එකේදී ඩික් ග්‍රේසන් කියන්නෙත් ටැලෝන් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්.. මේ නිසාම බැටා ගෙන් දතක් ගැලවෙන්න පාරක් කන්නත් ඩික් ට සිද්ද වෙනවා.. හෝව් හෝව්..ස්පොයිලර් එකක් උනාට කමක් නෑ,කියවල නැත්තම් කොර්ට් ඔෆ් අවුල්ස් වටා ගෙතිච්ච නයිට් ඔෆ් ද අවුල්ස් ආර්ක් එක කියවන්න.. මොකද ඔයාලට හිතිච්ච විදිහටම නෙමෙයි මම කියපු දේ සිද්ද උනේ..
04 – වේන් පරම්පරාව – අමුතුවෙන් මේ ගැන කියන්න ඕනේ නෑනේ මේ පරම්පරාව ගැන.. හැබැයි අපි දන්න කියන වේන් ලට වඩා ටිකක් වෙනස් කට්ටියක් ගැන තමයි අපිට මෙතැනදී පෙන්වන්නේ..සමහර විට මේ කාරණය වෙන්න ඇති තෝමස් වේන් ගේ අබිරහස් බවට හේතු වෙන්නේ..
05 – ඩුමා පරම්පරාව –  කතාවේදී අපිට දුන්න වැදගත්ම සහ ට්විස්ටඩ් ම දේ තමයි මේක.. මොකද මේ නම සහ මෙතැනදී අපිට කතාව කියපු විදිහට එකිනෙකට වෙනස් පැති තුනකට අපිව අපේ හිත අරන් යනවා..
*එතනින් පලවෙනි කොටස තමයි මේ කතාවේදී ඩුමා පවුලට වෙන දෙයට සමාන දෙයක් තමයි 2012 දි ආපු Batman : Gates of Gotham වලදී අපිට කියන්නේ.. එතැනදී ගේට් පරම්පරාව ට වෙන්නේ ගෝතම් කතාවේදී ඩුමා ලට වෙනවා වගේ ගෝතම් නගරයේ හැම තැනකින්ම තමන්ගේ නම අහිමි වෙන එක..
*දෙවැනි දේ තමයි සෙන්ට් ඩුමා ඕඩර් එක කියන්නේ කොමික් වලදී හොඳට අහල පුරුදු නමක්.. මේ ඕඩර් එක කෙලින්ම “නයිට් ටෙම්ප්ලාර්” ලට සම්බන්දයි.. මේ අයගෙන් තමයි අස්රයිල් කියන ටෙම්ප්ලාර් ඇසැසින් බෑට්මෑන් කතා වලට සම්බන්ද වෙන්නේ.. අස්රයිල් ගැන ඉදිරියේදී වැඩිපුර විස්තර කියන්නම්.. සමහර විට ගෝතම් කතාමාලාවටත් අස්රයිල් එකතු වෙයිද මන්දා,මොකද අන්තිමට සඳහන් කරන විදිහට ගෝතම් වලට එන බලකායේ අස්රයිලුත් ඉන්න පුළුවන්..
*අනිත් කාරණය තමයි කොර්ට් ඔෆ් අවුල්ස්.. අපිට මෙතැනදී පෙන්නන සිදුවීම සහ කතාව අවසානයේදී වෙන සිදුවීමත් එක්ක විශ්වාසයක් තියෙනවා කොර්ට් ඔෆ් අවුල්ස් වල බලපෑම ගෝතම් වලට ඉස්සරහට තියෙයි කියල..
මෙතැනදී කියන්නම ඕනේ කොමික් වලදී වගේ කොබල්පොට් පරම්පරාව ගැන සඳහනක් වෙන්නේ නම් නෑ.. කොමික් වලදී වේන් ලට පස්සේ ගෝතම් වල ලොකුම පරම්පරාවක් තමයි කොබල්පොට් පරම්පරාව.. ගෝතම් කතාව්දී මේ දේ වෙනස් කරලා තියෙනවා..
insta

09. Luke,is that you? – ස්ටාර්වොර්ස් ට්‍රේලර් ඒක එන්න කලින් ඒ වෙනුවෙන් වෙඩිමුරය තිබ්බේ ගෝතම් කතා මාලාවද මන්දා.. මාවල් සිනෙමැටික් යුනිවර්ස් එකේ පළමු අදියරේ හැම ෆිල්ම් එකකම මිට සමාන දර්ශන තිබුනා මතක ඇතිනේ..ඉතින් ඔන්න එහෙම දෙයක් ගෝතම් එකත් කළා.
10
10. Firefly – කතාවේ තවත් ලස්සනම් තැනක් තමයි මේකත්.. ඒ වගේම ගෝතම් වලදී කෙලින්ම අනාගත දුෂ්ටයෙක්ගේ පෙනුම පෙන්නපු අවස්තාවක්.. ෆයර්ෆ්ලයි ගේ මේ පෙනුමට මමනම් කැමතියි.. කොමික් වලදී ෆයර්ෆ්ලයි වගේ අය කිහිප දෙනෙක්ම හිටිය උනත් ඒ කවුරුවත් කාන්තා චරිතයක් උනේ නෑ.. ඒ උනාට මේ පෙනුමේ සහ ආරම්භයේ කිසිම වැරද්දක් නෑ..
#Gotham_sIIeV_Review
#ClownPrinceOfCrime
Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *