Arrow හි Damien Darhk චරිතය The Flash සහ DC’s Legends of Tomorrow සඳහාත් එක්වේ

මේ දවස් වල DC, Marvel news නම් අපිට ගොඩක් දැනගන්න ලැබුණා. New York Comic Con එක මේ දිනවල පැවතුණු එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. මේ ආරංචිය නම් අපිට ලැබෙන්නේ DC Tv Universe එක පැත්තෙන්. පහුගිය සතියේ විකාශනය ආරම්භ වුණු Arrow Season 4 වල villain කෙනෙක් වන Damien Darhk ඔන්න දැන් The Flash සහLegends of Tomorrow series දෙකටම සහභාගී වෙනවලු මේ බව Damien Darhk ලෙස රඟපාන නළු Neal McDonough විසින්ම confirm කරලා තියෙනවා.

Legends of Tomorrow එකේ time travelling සිද්ධිදාමයනුත් එක්ක අපිට බොහෝ දුරට Damien Darhkගේ අතීතය ගැන යමක් දැනගන්නත් ලැබේවි. ඒ වගේම දැනට Arrow season 4 එකේදිත් මේ විස්තර දැනගන්න ලැබෙනවා. ඒ වගේම Ra’s Al Ghul සමඟ Damien Darhkගේ ඇති සම්බන්ධ ගැන පුළුල්ව මේ පාර Arrow Season එකේදි දැකබලාගන්නට හැකිවේවි.

ඒ වගේම ශතවර්ශ ගණනාවක් වයසැති Damien Darhk ට Legends of Tomorrowහි Vandal Savage සමඟ ලොකු සබඳතාවක් ඇති බවටත් Neal McDonough පවසා තිබෙනවා. Arrow, Flash කථාමාලාවන් අතරේ crossover එකක් සිදුවන නිසා තමන් ඒ සඳහාද පෙනීසිටිනු ඇති බවයි වැඩිදුර විස්තර පවසමින් Neal McDonough ප්‍රකාශකර ඇත්තේ. මේ නිසාම DC Tv Univers එක ගොඩක් අඳුරු පැත්තකට යොමුවේවි. 140472-0459-155099#‎SmAsHeR‬

http://comicscript.online.lk/

Comic Script (144 Posts)


One thought on “Arrow හි Damien Darhk චරිතය The Flash සහ DC’s Legends of Tomorrow සඳහාත් එක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *