Deus Ex: Human Revolution පෙරළියකට සැරසේ!

මේ ගැන ඔබට අමුතුවෙන් කියන්ඩ ඕනි නෑ, ඉහත තිබෙන නම දු‍ටු හැටියෙම ඔබ හඳුනනවා මේ පරිගණක ක්‍රීඩාව. ඔව් Deus Ex‘හි නවතම නිකුතුව Human Revolution; ලොව පුරා වාර්තාගත අලෙවියක් හිමිකර ගත්, 100කට අධික සම්මාන දිනා ගත්, අලෙවි වාර්තාවන්හි අංක 01 මිනිතය(Rank) හිමි කරගත් මෙම දිසිරූ ක්‍රීඩාව ඕන්න පුළුල් තිරයට එනවා.

මේක තිරේට ගේන්ඩ හදන්නේ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ‘Sinister (2012)’, ‘The Exorcism of Emily Rose (2005)’ සහ ‘The Day The Earth Stood Still (2008)’ අධ්‍යක්ෂණය කළ Scott Derrickson මෙහි අධ්‍යක්ෂණය සිදු කරන අතරේ, ඔහු හා සමග තිර රචනය සිදු කිරීමට Sinister (2012) තිරරචක C. Robert Cargill එක්වෙනවා. නිෂ්පාදනය Roy Lee සහ Adrian Askarieh විසින් සිදු කරන්නේ, P. Middleton විධායක නිෂ්පාදනය සිදු කරද්දීයි.

මෑත අනාගතයේ විද්‍යාත්මක දියුණුව පුදුමාකාර ප්‍රගමනයක් අත්පත් කරගන්නවා. මානව මනෝවේදී අංශයෙන් මහත් තාක්ෂණික දියුණුවක් ලබා ගෙන තිබෙනවා. Adam Jensen නම් හිටපු SWAT ආරක්ෂක විශේෂඥයෙක් මේ යාන්ත්‍රික මනෝවේදනය ගෝලීය කුමන්ත්‍රණයක් මැඩලීම පිණිස යොදාගත යුතුයි. මෙහි කතාවට පදනම් වන්නේ Deus Ex නවතම නිකුතුව වන Human Revolutionහි තේමාවම තමයි.

C. Robert Cargill(වමේ) සහ Scott Derrickson(දකුණේ)

Derrickson ගේ හෙළිදරව්වට අනුව, මෙම චිත්‍රපටය විශ්මයාකාර ක්‍රියාන්විතයන් උද්වේගය හා මුසු වුණ පට්ට පතුරු පිස්සු හැදෙන එකක් කරන්ඩයි ඔවුන්ගේ උත්සාහය. 2000 වසරේදී හඳුන්වා දෙන ලද මෙම දිසිරූ ක්‍රීඩවෙහි නව සංස්කරණය Eidos-Montreal නිෂ්පාදනය කර Square Enix විසින් බෙදා හරින ලද්දක්. චිත්‍රපටය CBS Films නිෂ්පාදනයක්.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *