Jazbaa | අයිශ්වර්යා රායි සමඟින් බොලිවුඩ් තිරයට

අද මම මංසලට ගොඩවෙන්නේ තවත් සුපිරි සිනමා නිර්මාණයක් ගැන ඔයාලා දැනුවත් කරන්න. Jazbaa කිව්වම සිනමාවට උනන්දුවක් දක්වන අය නම් හොඳටම දන්නවා ඇති. මොකද දිගු කාලයක් තිස්සෙම නිහඬව සිටි අයිශ්වර්යා රායි බච්චන් මේ චිත්‍රපටියෙන් නැවතත් බොලිවුඩයට ආගමනය වීමයි.unnamedඅයිශ්වර්යා සමගින් මේ චිත්‍රපටිය සඳහා ඉර්ෆාන් කාන්, ජැකී ෂේරොෆ් වගේ දක්ෂ නළු නිලියන් රැසක් මෙහි රංගනය සඳහා දායක වෙලා තිබෙනවාunnamed (1) unnamed (2)සන්ජේ ගුප්තාගේ අධ්‍යක්ෂණයෙන් සහ අයිශ්වර්යා රායි, අනුරාධා ගුප්තා, නිතින් කෙනී, ආකේෂ් චව්ලා, සචින් ජෝෂි, රයිනා ජෝෂි යන අයගේ නිෂ්පාදනයෙන් හැඩවුණු මේ සලරුව

ඔක්තෝම්බර් 9 වැනිදා තිරගත වීම ආරම්භ වුනා.unnamed (4)ශ්‍රී ලංකාවේදීද ඔබට මේ සිනමා සිත්තම රසවිඳීමේ භාග්‍යය දැන් උදාවී තිබෙනවා.
ඒ වගේම හොඳ පිටපතක් නිකුත් වූ විගස අපගේ මව් අඩවියෙන් සිංහල උපසිරසි සමගින් මේක අරගෙන එන්න අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා.unnamed (5)ඒ වගේම අද ඔබට රැගෙන ඇවිත් තියෙන පූර්ව ප්‍රචාරක පටයට උපසිරසි ගැන්වීමට නොමසුරු සහය දක්වූ හින්දි හේවා මිත්‍රයා මතක් කරනවා.
සිනමාවේ නෙක තතු සොයා යන ගමනේ තවත් පරිච්ඡේදයකින් නැවත හැමුවමු.. ජයෙන් ජය..!

තාරක නුවන් දිල්හාර (70 Posts)


2 thoughts on “Jazbaa | අයිශ්වර්යා රායි සමඟින් බොලිවුඩ් තිරයට

  • April 22, 2016 at 4:10 PM
    Permalink

    Ela 🙂 🙂 🙂 🙂 🙂 tnx okkotama…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *