Star Wars අලුත් චිත්‍රපට පසු එන චිත්‍රපට දෙකේ තිර රචනය බාර ගත්තේ කවුද?….

හොඳට ආදායම් උපයපු, ඉතාම ජනප්‍රිය වෙච්ච Star Wars පැරණි චිත්‍රපට මාලාවේ 1983 දී තිරගත වෙච්ච Return of Jedi චිත්‍රපටයෙන් පස්සෙ එන අලුත්ම එක 2015 තිරගත වෙන බව දැන් කාටවත් රහසක් නෙවෙයි. ඒකේ නම  Star Wars Episode VII විදියටයි දැක්වෙන්නේ. නමුත් ඒකෙන් පස්සේ තවත් ඒකටම සම්බන්ධ චිත්‍රපට දෙකකුත් නිපදවන්න ඩිස්නි චිත්‍රපට සමාගම තීරණය කරලා අවසානයි. කොටින්ම මේ දවස් වල රාවයක් යනවා ඒ 8 වැනි හා 9 වැනි කතා වල තිර රචනය කලින් මෙම කතාමාලාවෙම චිත්‍රපට දෙකක් වෙච්ච Empire Strikes Back හා Return of the Jedi තිරරචනය ට දායක වූ Lawrence Kasdan හා X-Men: The Last Stand, Sherlock Holmes තිර රචක Simon Kinsberg ව තෝරගෙනයි කියලා.

මේ අතරින් Lawrence Kasdan නම් කලින් කිව්වා මෙම කතා මාලාවේ V හා VI කොටස්වල තිර රචනයට හවුල් වුනා වගේම තනි තිර රචනයන් ලෙසින් ගත්තොත් Raiders of the Lost Ark, Body Heat, The Big Chill, සහ Wyatt Earp, The Bodyguard යන චිත්‍රපට වලින් තම නාමය අමරණීය කරගෙන ඉන්නා කෙනෙක්.

ඒ අතින් ගත්තහම Simon Kinsberg ට තනි තිර රචන විදියට තියෙන්නේ Mr. and Mrs. Smith සහ xXx: State of the Union යන චිත්‍රපට දෙක විතරයි. මේ ලඟදී තිරගත වූ Abraham Lincoln: Vampire Hunter චිත්‍රපටයට ඔහු නිෂ්පාදනයෙන් නම් දායක වෙලා තියෙනවා. ඒත් අපි මේ කතා කරන්නේ Star Wars කියන සිනමාවෘතය ගැනයි.

තවමත් දෙදෙනාගේ දායකත්වය වෙන වෙනම චිත්‍රපට දෙකටම ලැබෙනවද නැතිනම් හවුල් දායකත්වයක්ද යන්න ස්ථීර නැහැ. අපි බලමු ඉදිරියේදී කුමක් වේවිද කියලා…

@RoylyFdo

රොයිලි (36 Posts)


One thought on “Star Wars අලුත් චිත්‍රපට පසු එන චිත්‍රපට දෙකේ තිර රචනය බාර ගත්තේ කවුද?….

  • November 26, 2012 at 6:38 PM
    Permalink

    Hi there! I’m at work browsing your blog from my new iphone! Just wanted to say I love reading your blog and look forward to all your posts! Carry on the excellent work!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *