Gotham S02E03 – His Last Laugh Review | දෙවන අදියරේ තෙවන කොටසේ විග්‍රහය

****** Spoiler alert******

ඔන්න අදත් සුදානම ටිකක් පරක්කු වෙලා හරි ගෝතම් රිවිව් එක ඔයාලට දෙන්න.. මුලින්ම කියන්න ඕනේ මේ පාර කොටසෙන් ගෝතම් වලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ට්විස්ටඩ් ගතිය සහ අනපේක්ෂිත බව හොඳටම තිබුනා.. හිස් ලාස්ට් ලාෆ් කියන ටයිටල් එක නිසාම මේකෙදි ජෙරොම් ට වෙන්න පුළුවන් ඩේ ගැන කලින්ම හිතේ අදහසක් තිබුනත් ස්පොයිල් වෙන එක නවත්තගන්න ඕනේ නිසා එපියබලනකම් ටිකක් සමාජ ජාල වලින් ඈත් වෙලා කෝකටත් කියල පරිස්සම් උනා.. මොකද ගෝතම් වගේම ඉන්ටර්නෙට් කියන්නෙත් අනපේක්ෂිත දෙයක් නිසා.. wink emoticon

ඒ වගේම කියන්න ඕනේ අපිව හාරදාහේ කඩඉමට ගෙනාව ඔයාලට විශේෂ දෙයක් ඉස්සරහට බලාගන්න පුළුවන්, ඒ වගේම මේ පාර රිවිව් එක ටිකක් වෙනස් ආකාරයට ගෙන්න හිතපු නිසා ඒ ගැන ඔයාලගේ අදහසුත් ඕනේ කරනවා..

01 – Bad cop,Worse cop : අපි පලවෙනි සීසන් එකේදී දැක්ක ජිම් ගෝර්ඩන් හොඳ පොලිස්කාරයාගේ භූමිකාව කරද්දී,නරක පොලිස්කාරයාගේ භූමිකාව කලේ බුලොක්..එත් සාර එසේන්ස ට වෙච්ච දේ සහ පොලිස් මුලස්ථානයට කරපු ප්‍රහාරයෙන් ජිම් ගේ මේ ගුණාංගය වෙනස් වෙලා තියෙනවා වගේ..

02 – Barbara+Tabatha : මේක නම් මේ කතාවට එච්චරම වැඩක් උන සිදුවීමක් නෙමෙයි..එත් කතාව අවසානයේදී වෙන තව සිදුවීමක් එක්ක හිතෙනවා ඉදිරියට අවශ්‍ය වෙයි කියල..

03 – The Architect : මෙතැනදී තියෝ කියන කතාවත් එක්ක 2012 දි ආපු ස්කොට් ස්නයිඩර් ලියපු කතාවක ඉන්න ආර්කිටෙක් කියන චරිතේ මතක් වෙනවා.. කතාවේ කෙටියෙන් තියෙන්නේ ගෝතම් වල මුල් කාලේදී ,ඒ කියන්නේ බ්රුස් ගේ සියා,ටොමී එලියට් ගේ සියා සහ ඔස්වල්ඩ් කොබෝල්පොට් ගේ සීයාගේ කාලේදී නගරයේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් ගැන.. එයා තමයි ලු ගෝතම් වල පාලම පහ හදල තියෙන්නේ.. ඒ ගැන එයාගේ නම සඳහන් නොවීම තමයි කතාවේදී ආරවුලට මුල් වෙන්නේ.. කතාවේ නම නම් හොයාගන්න බැරි උනා..

04 – The Leader : ගෝර්ඩන් එයාගේ කමිශ්නර් තනතුර තියෙන උචිත බව පෙන්නන අවස්තාවක්.. මෙතැනදී ප්‍රහාරය නිසා කඩා වැටුණු නිලධාරීන්ගේ මනස හදන්න ගෝර්ඩන් දරන උත්සාහය නිසා හිතෙනවා ටිකක් ඉක්මනින්ම කමිශ්නර් තනතුර ලැබෙයි කියලත්..

05 – “You will be curse upon gotham,childrens will wake from their sleeps screaming at the thought of you.. your legacy will be death and madness” : ඇත්තටම මේ වාක්‍යය ඇහෙද්දී පොඩි බලාපොරොත්තුවක් තිබුනා ජෙරොම් ව දිගටම ජෝකර් විදිහට දැකගන්න පුළුවන් වෙයි කියල.. එත් මේ වාක්‍යයේ තියෙන ගැඹුරු බව හොඳින්ම වැටහුනේ කතාව අවසානයේදී ආපහු දානකොට..
තවත් වැදගත් ඩේ තමයි ජෙරොම් ගේ පැනයාම ගාන බොරු හෝඩුවා තියපු එක..එත් අපේ ජිම් ගෝර්ඩන් ලොක්කව නම් රවට්ටන්න බැරි උනා..

05 – Dark Knight Returns Reference? : ඩාර්ක් නයිට් රිටන්ස් වලදි ඔයාලට මතක ඇති බැටා සහ ජෝකර් අතර ඇතිවෙන සටනේදී ජෝකර් ජේ ඇහැ ට බැටරෑන්ග් එකක් වදිනවා..මටනම් හිතෙන්නේ මේ එක ගැන කරන රිෆරන්ස් එකක් කියල..

06 – Bruce and the butler – අපි දැක්ක කලින් කතාවේදී අල්ෆ්රෙඩ් බ්රුස් ව ගිවිස ගන්නවා එයා කියන විදිහට සමාජෙත් එක්කත් වැඩිපුර එකතු වෙන්න්න ඕනේ කියල..එකේ විදිහටම බ්රුස් වැඩ කරනවා..ඒ කියන්නේ එයාගේ පැත්තෙන් වෙච්ච පොරොන්දුව එයා ඉටු කරනවා..ඉතින් අල්ෆ්රෙඩ් ගේ උදව් නියත වශයෙන්ම ලැබෙනවා..

07 – The Hero,the Gurdian and The Doctor – මේ තුන් දෙනාගේ හමුව කොච්චර වැදගත් ඩ කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. බැටා උනාහම එයාට බෙහෙත් කරන්න ඉන්න කෙනාව තමයි මේ බ්රුස් මුණ ගැහෙන්නේ.. මෙතැනදී අල්ෆ්රෙඩ් ගේ වෙනස්ම පැත්තකුත් අපිට දැකගන්න පුළුවන් වෙනවා.. පැණි හලපු විදිහට ඔයාල හැමෝටම හිනා යන්න ඇති අනිවාර්යයෙන්ම.. wink emoticon

08 – The Bat and The Cat – ඔන්න අපිට ආපහු පාරක් සහ මෙවර පලවෙනි වතාවට සෙලිනා සහ බ්රුස් හමුවක් පෙන්නන්නවා..

09 – The city that needs a Hero – ගෝතම් කියන නගරයේ තියෙන අඩු පාඩු නිසාම තමයි මෙච්චර අපරාධ වැඩි වෙන්නේ සහ බැට්මෑන් වගේ කෙනෙක් ගේ අවශ්‍යතාවය මතු වෙන්නෙත්..

10 – the Cape – මේක නම් ලොකු වැදගත් දෙයක් නෙමෙයි,එත්ගොඩක් දෙනෙක් කියන්නේ මේක බැට් ගර්ල් ගැන කියපු ඊස්ටර් එග් එකක් කියල.. මොකද batman ගේ සහායකයෙක් වෙන්න cape එකක් තිබීම අත්‍යාවශ්‍යම තරම්..

11 – family problems – ටැබතා සහ තියෝ ගේ පොඩි ආරවුලක් තියෙනවා කියල අපිට මිට කලිනුත් පොඩියට පෙන්නුවා.. එත් මේ පාර ඒ දේ හොඳින්ම පෙන්නුවා..ඉස්සරහට ගොඩක් වැදගත් වේවි..

12 – split Personality – මේක නිකන් හරියට බැට් මෑන් ට කියන වෙනත් නමක් වගේ නේ ඉතින්.. දවල් වරුවේ එකෙක්,රෑට වෙනම එකෙක්.. wink emoticon

13 – The Hero and The Traitor – තියෝ ගේ සැලැස්ම අපිට පැහැදිලි.. මෙතැනදී වීරයා සහ ද්‍රෝහියා කියන භූමිකා දෙකම කරන්නයි තියෝ ගේ සුදානම..

14 – Harley and The Hammer – ගොඩක් දෙනෙක්ට අමතක වෙච්ච දෙයක් තමයි මේක.. අපි දන්නවා බාර්බරා ව නිකන් හාලි කුයින් වගේ පෙන්නන්න ගෝතම් වලදී ගොඩක් උත්සාහ කළා.. එකේ තවත් පියවරක් තමයි මේක.. ඔයාල දැකල ඇතිනේ හාලි කුයින් එක්ක තියෙන ජනප්‍රියම ආයුධයක් නේ එයාගේ ලොකු මිටිය.. ඒක ගැන තමයි මෙතැනදී අපිට හින්ට් එකක් දෙන්නේ..
ජෙරොම් ට වෙච්ච ඩේ නිසා අපිට හොඳටම පැහැදිලි බාර්බරා ව හාලි කුයින් කීයටවත් කරන්නේ නෑ කියල.. ඉතින් මේ දේවල් වල තේරුම මොකක්ද? ඇත්තටම ජෙරොම් සහ බාර්බරා ගේ ක්‍රියාකාරකම් වලින් තමයි ඉදිරියේදී නියම ජෝකර් සහ හාලි බිහිවෙන්නේ.. ඉතින් එයාල අදහස ගන්නේ ගෝතම් වල කාලෙකට කලින් හිටපු ජෙරොම් සහ බාර්බරා ගෙන්.. ඇත්තටම මේක හොඳ සිතුවිල්ලක්..

15 – Detective and his Distraction – මෙතැන් නිකන් වෙච්ච සිදුවීම batman කොමික් එකක් වගේ.. අනික බ්රුස් සහ අල්ෆ්රෙඩ් අතර තියෙන බැඳීම හොඳින් පෙන්නන්න අවස්තාවක්..

16 – His Last Laugh – කතාවේ තිබුන හොඳම සහ හිත රිදෙනම හරිය තමා මේක.. එත් මේ දේ කරපු එකේ වරද්දකුත් නෑ,මොකද මේ චරිතයේ ලක්ෂණ වලින් පන්නරය ලබන වෙනස්ම ජෝකර් කෙනෙක්ව ගෝතම් නගරයට ඉස්සරහට ලැබෙන්නේ.. ජෝකර් චරිතයට ඔරිජින් එහෙමත් නැත්තම් ආරම්භක කතාවක් ඕනේ නෑ කියන පෞද්ගලික මතය නිසා මම මේ දෙයට කැමැති..

මෙතැනදී ජෙරම් ගේ මුණ දැකපුවහම ජැක් නිකොල්සන් ගේ ජෝකර් පෙනුම මතක් උනේ කාටද?

17 – king of gotham – ඔන්න අපිට ආපහු පාරක් පෙන්ගුයින් ව පෙන්නන්නවා..නිකන්ම නෙමෙයි එයා ලඟාකර ගත්තු සංවර්ධනයත් එක්කම.. මෙතැනදී ජෙරොම් ගේ පැත්තට හැරවුණ අපේ අවධානය ආපහු පාරක් ගියපාර සීසන් එකේ “මැජික් කාරයා” උන පෙන්ගුයින් දිහාවට හරවන්න කාලේ හරි කියල අපිට පොඩි ඉඟියක් දෙනවද මන්දා..

18 – Bullock vs Penguin – බුලොක් කියපු ඩේ අපිට සුළුවෙන් තකන්න බෑ.. මේකත් ඉස්සරහට ගොඩක් රසවත් වෙන ආරවුලක් වෙයි වගේ..

19 – that face – ලෙස්ලිට අල්ෆ්රෙඩ් පැණි හලනවා දකින ජිම් ගේ මුහුණ නම් ඇත්තටම බලන්න ලස්සනයි..

20,21,22 – “There is nothing contagious than laughter” – කලින් කතාවේදී අපිට කියපු දේ මේ කතාවට කොච්චර ගැලපෙනවද කියන දේ නම් ඇත්තටම පුදුමාකාරයි.. ගෝතම් කතාවේ තියෙන විචිත්‍රත්වේ හොඳින්ම පෙන්වන අවස්තාවක්.. ඇත්තටම පළමු එපිසෝඩ් තුන හරියට නිකන් තුන් ඈදුතු චිත්‍රපට ත්‍රිත්වයක් වගේ, දුෂ්ටයෙක් ගේ ආගමනය,නැගී සිටීම සහ විනාශය කියන දේ ඉතාමත් ලස්සනට පෙන්වල තියෙනවා..

අනික අපිට මතක් කරනවා මේ වගේ සිදුවීම් නිසා ඉස්සරහට තවත් කුරිරු අපරාධකාරයෙක් කොහෙන් හරි මතු වෙන්න ඉඩ තියෙන බව.. සමහර විට මේ පෙන්නපු අය අතරෙන් කෙනෙක් ඊළඟ ජෝකර් වෙයි කියල අපිට හිතන්න පුළුවන්(ඔව් මම අදහස් කලේ අර ළමය ගැන තමයි wink emoticon )

#Gotham_sII_eIII

#ClownPrinceOfCrime

https://www.facebook.com/slcomicscriptmartian-560x224 copy

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *