The Flash season 2 Episode 1 review. ( The man who saved central city ) | දෙවන අදියරේ පළමු කොටසේ විග්‍රහය

Season එක පටන් ගන්න හොදම විදිහ මේක කියලා අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්. Flash & firestorm team up එක, මුලු කණ්ඩායමම එකට එකතු වෙන එක, මේ සේරම එක මොහොතකින් විනාශ වෙන එක ආයෙ සුපිරියටම පටන් ගත්තා episode එක. මේ වෙලාවෙ එක මොහොතකටවත් හිතුනෙ නෑ කිසිම දෙයක්වෙනස් වෙලා කියලා මාස හයකට පස්සෙත්. ඒත් wells ආපු හැටියෙ අපිට තේරුන් යනවා මේ සේරම දවල් හීනයක් විතරයි කියලා. ඊට පස්සෙ barry තනියම star labs වල ඉන්න scene එකට ගියාම අපිට හොදටම තේරෙනවා මොකද උනේ කියලා පහුගිය මාස හය ඇතුලත. කලින් කිව්ව වගේ season එක පටන් ගන්න හොදම විදිහ මේක තමයි. ඒත් ඇයි barry තනි වෙන්නෙ?
2- බැරී තනියම වැඩ කරන්න හේතුව තමයි eddieගෙ සහ ronnieගෙ මරනය. මේක නිසා barry තනියම වැඩ කරන්න හිතාගන්නව. ඒත් ඇත්තටම ronnie මැරුනද? මන් හිතන විදිහට ronnie මැරුනෙ නෑ, jay garrick,zoom earth 2 වල ඉදන් earth 1 වලට ආවා වගේ ronnie earth 2 වලට ගියා කියලා මටනන් හිතෙන්නෙ. එහෙමත් නැත්තන් firestorm matrix එකට ronnieව ඇදිලා ගියා කියලත් හිතන්න පුලුවන්. Flashගෙ powers එන්නෙ speed force එකෙන් වගේ firestormගෙ powers එන්නෙ firestorm matrix එකෙන්. කොහොමහරි ආයෙ ටික කාලෙකට අපිට ronnieව දැකගන්න හම්බෙන්නෙ නෑ ( වර්තමානෙ ) සමහරවිට flashbacks වලින් දැකගන්න පුලුවන් වෙයි.
3- Joe and cisco team up
කලින් season එකෙ වගේම මේ season එකෙත් මේ දෙන්නගෙ තව team ups දැකගන්න ලැබෙයි කියලා හිතනවා. ඒවගේ දැන් cisco පොලිසියත් එක්ක වැඩ කරන නිසා මේ දෙන්නව ගොඩක් වෙලාවට එකට දකින්න ලැබෙයි. ඒවගේම අමතක කරන්නෙ එපා මෙයත් metahuman කෙනෙක් කියලා. මේ season එකේ මෙයාගෙ powers තවත් වැඩිදියුණු වෙයි කියලහිතන්න පුලුවන්. මේ episode එකෙත් මෙයා නොහිතම මෙයාගෙ powers පාවිච්චි කරනව දකින්න ලැබුනනෙ. ඒවගෙ මටහිතෙන විදිහට ciscoට පුලුවන් වෙයි earth 2 වල ඉන්න ronnieව හොයාගන්න.
4- iris west= new harrison wells
කලින් season එකේ iris කිසිම වැඩක් නැති චරිතයක් උනත් මේ season එකේ මෙයා barry ගැන දන්න එකේ එහෙම වෙන එකක් නෑ කියල හිතනව. ඒවගේම මෙයා තමයි ආපහු team එක එකතු කරේ. මෙයා විශේෂයෙන්ම metahumanල ගැන තොරතුරු හොයන වගකීම බාරගනියි කණ්ඩායම එකට තියාගන්න ගමන්.
5- Didnt see that coming
Wellsගෙ අවසන් කැමැත්ත. හාහ් කවදාවත් හිතුවෙ නෑ wells noraගෙ මරණයෙ වගකීම බාරගනියි කියලා. එයාම කිව්ව වගේ මේ දෙන්න කවදාවත් හතුරො නෙවෙයි.එයාට ඕන උනේ කොහොමහරි එයාවෙ කාලෙට යන්න. ඒ අතරතුර වැරදි සිද්ද උනාට wells නිසා තමයි barry Flash උනේ. එයා නිසා තමයි barry එයාගෙ powers ගැන ඉගෙනගත්තෙ. ( wells කිව්වට මේ ඇත්ත wells නෙවේ, eobard thawne. ඇත්ත wells මැරුනනෙ. ඒක නිසා දන්නැති අයපටල ගන්න එපා ) කොහොමහරි ආරංචියෙ හැටියටා අපිට ආපහු wellsව දැකගන්න ලැබෙනව. හැබැයි ඒ earth 2 wells කියලා තමයිකියන්නෙ.
6- මේකත් කවදාවත් හිතුවෙ නෑ සිද්ද වෙයි කියලා ඒත් ඉතින් barry කොහොමහරි එයාගෙ තාත්තව හිරෙන් නිදහස් කරගත්තා,
7- Atom Smasher
Albert Rothstein මෙයා atom smasher කියන නම ගත්ත අයගෙන් එක්කෙනෙක් විතරයි. මෙයා මුලින්ම Nuklon විදිහට ආවෙ 1983 ඒත් atom smasher විදිහට ආවෙ 1999 ඒ jla secret files and origins #1 වලින්. මෙයා මේකෙ villain කෙනෙක් උනත් comic වලනන් වෙනස්. justice league/justice society / infinity,inc වගේ teams එක්ක වැඩ කරලා තියෙනව. ඒවගේ මුලදි පෙන්නන මල සිරුර අයිති earth 1 Albertට. එයාව මැරුවෙ earth 2 වලින් ආපු Albert. ඔයගොල්ලො මේක පැටලිලි සහගතයි කියල හිතනවනන් පොඩ්ඩක් ඉවසලා ඉන්න මුලු multiverse එකම හදුන්වනකන් ඉන්න. grin emoticon
8- Flash signal
ඔයගොල්ලො හිතවා arrow batman වෙන්න හදනව කියලා pacman emoticon කොහොමහරි මේක batman reference එකක්. Cisco මේ අදහස ගත්තෙ comic book එකකින් කිව්වම batman comic ගැන හිතුවෙ මන් විතරද?
9- Jay garrick
අපිට jayව සම්පූර්ණයෙන් බලාගන්න පුලුවන් ඊලග episode එකෙන්. අපි එතකොට මෙයා ගැන වැඩි විතර කතා කරමු.
ඊලග episode එක- Flash of two worlds. මේ episode එකෙන් අපිට patty spivot/zoom/jay garrick/ mrs. West සහ sand demonව දැකගන්න පුලුවන්.
‪#‎Scarlet_Speedster‬

https://www.facebook.com/slcomicscriptmartian-560x224 copy

Comic Script (144 Posts)


5 thoughts on “The Flash season 2 Episode 1 review. ( The man who saved central city ) | දෙවන අදියරේ පළමු කොටසේ විග්‍රහය

  • October 11, 2015 at 6:01 PM
    Permalink

    Ai bn ubla mn ahana prashneta uththara denne naththe. Mamth me gana hariyata dannathi nisa ahuwe.
    Samanthara pruthuvi unath mn kiyna kathawa hari wenna ona neda?

  • October 11, 2015 at 5:09 PM
    Permalink

    යම් විදියකට ගත්තොත් නිවැරදියි…

  • October 11, 2015 at 7:16 AM
    Permalink

    ලිපියට ගොඩක් ස්තුතියි, earth 1, earth 2 කියන්නෙ සමාන්තර පෘථිවි ද?

  • October 9, 2015 at 8:52 PM
    Permalink

    මටත් earth 1 , earth 2 තේරෙන්නෙ නෑ .හැබැයි මන් අහන්නේ , eobard thawne කියලා කෙනෙක් දැන් පවතින්නේ නෑනේ(එඩී මැරුණු නිසා) , එතකොට eobard thawne තමන්ගේ ජීවිත කාලෙම කරපු ඔක්කොම දේවල් වෙනස් වෙන්න ඕන නේද කියල.

    eobard thawne නේ nora allenව මැරුවේ.දැන් eobard thawne කියල කෙනෙක් නැති නිසා (කවදාවත් උපදින්නේත් නැති නිසා) nora allen ව මරන්න කෙනෙක් නැති වෙනවා. ඒ කියන්නේ nora allen ජීවත් වෙන්න ඕන.

    මමත් කියන්නේ earth 1 , earth 2 පැහැදිලි කරලා දෙන්න කියලා තමයි.

  • October 9, 2015 at 6:42 PM
    Permalink

    ela…
    Oya earth 1, earth 2 seen eka mata therenne nane…
    Eka poddak pahadili karanna puluwannam loku deyak 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *