නවතම සජීවිකරණ සලරුව ..:: Khumba ::..

දකුණු අප්‍රිකාවේ Triggerfish Studios ඉදිරිපත් කරන සජීවීකරණ ත්‍රිමාන චිත්‍රපටයක් තමා Khumba කියන්නේ. මේ චිත්‍රපටයේ නිර්මාණ කටයුතු නිමවුණා විතරයි තව. Zambezia( 2012) හදල වැඩ පටන් ගත්තු මේ කට්ටිය දැන් දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම සජීවීකරණ සිනමා නිර්මාණකරුවන් බවට පත් වෙලා.

Khumba කියන්නේ ඉරි අඩු වෙච්ච සීබ්‍රාවෙක්. මෙයාගෙ ඉරි තියෙන්නෙ බාගෙට නිසා අනික් අය මෙයා මහ අපලයක් කියල හිතනවා. වැස්ස නැති වුණත් මෙයාට දොස. කරදරයක් වුණත් වරද මෙයා පිට. හැමෝම මෙයා දිහා බලන්නේ වප‍රැ’හෙන්. ඉතිං මෙයා තීරණය කරනවා ලෝකෙ මුල්ම සීබ්‍රාට ඉරි ලැබිච්ච පෞරාණික දියවළ හොයාගෙන යන්ඩ; තමන්ගෙ නැති වුණ ඉරි එහෙමවත් ලබාගන්ඩ හිතාගෙන. මේ ගමනෙදි වැඩි පරිස්සම් ගවයෙකුයි, හිස උදුම්මගත්තු පැස්බරෙකුයි එක්ක මෙයා යාළු කමක් ඇති කරගන්නවා. හැබැයි ආපහු ‍රැළට යාගන්ඩ කලින් Phango කියන භයානක දිවියෙක් එක්කත් හැප්පෙන්ඩ මෙයාට සිදු වෙනවා.

මේකේ හඬ මුසු කරන්නේ Jake T. Austin, AnnaSophia Robb, Loretta Devine යන අය. තිරරචනය Zambezia රචනා කළ Anthony Silverston, Raffaella Della දෙන්න කරල තියෙන්නේ Lion King ලියාපු Jonathan Roberts එක්ක එක්කසු වෙලා. අධ්‍යක්ෂණය Anthony Silverston-ගෙන්. මේ කට්ටිය(Triggerfish Studios) කලින් හදපු Zambezia බෙදා හැරියෙත් Millennium Entertainment ම නිසා, මෙවරත් ඊට ඔවුන් එකඟ වෙලා. ඉතිං දකුණු අප්‍රිකාවත් ඕන්න සජීවීකරණ වැඩ පෙන්නන්ඩ පටන් අරං. මේක එන්ඩ කලින් Zambezia එකත් බලලම හිටියනම් මේ අයගේ තරම ගැනත් අදහසක් ගන්ඩ පුළුවන්කමක් සැලසෙයි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

3 thoughts on “නවතම සජීවිකරණ සලරුව ..:: Khumba ::..

  • November 22, 2012 at 8:24 PM
    Permalink

    ටිකක් ඉවසලා හිටියොත් සිංහලෙන්ම බලන්ඩ ඉඩක් ලැබෙයි මචෝ. අපි ඒක දෙන්ඩ උත්සහ කරනවා හැකි ඉක්මනින්. 😀

  • November 22, 2012 at 7:07 PM
    Permalink

    elazz thx

  • November 22, 2012 at 7:04 PM
    Permalink

    එල මචං පළමු එක බලලා නෑ ඒක බලන්න ඕනේ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *