මේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This

! Coverපොලිමේ ඉදලා සිනමා ශාලාවලව ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලැබෙනකොට එහි රගපඋ නළු නිළියන් ද වයසට ගොස් චිත්‍රපටය කල් ඉකුත් වනු ඇති බවයි චන්ද්‍රන් රත්නම් පවසන්නේ. එ් අනුව චිත්‍රපට, රසිකයන් වෙත ගෙනයාමට විලක්ප ක්‍රම සොයාගත යුතු බවද ඔහු කියා සිටියා. “මේ වගේ ආදරයක් ”  සිනමා ශාලාවලට පෙර Dialog සැටලයිට් TV වෙත මුදාහැරෙන්නේ ද ඒ අනුව බවයි චන්ද්‍රන් රත්නම් වැඩිදුරටත් පවසන්නේ. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණහම එය සිනමා ශාලාවල ප්‍රදර්ශන කරන බව ද ඔහු කියා සිටියා.

ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක‍්ෂකවරයාගේ නවතම  සිනමාපටය “මේ වගේ ආදරයක්“ සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා.

 

කතාව…1

චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි.‍එහෙයින් ඔහුගේ වයසේ වෙනත් තරුණයින්ට නොමැති සැපසම්පත් හිමි ජීවිතයක් ඔහුට නිරායාසයෙන්ම හිමි වී තිබේ.

නිල් පැහැයෙන් බබළන දීප්තිමත් ගුවන පුරා සියොතුන් නිදහසේ සැරිසරනා අයුරු නෙතට ගෙන දෙන්නේ චමත්කාරයකි. ඔවුන්ගේ නිදහස නම් අපූරුය. සීමා මායිම් නැති අහස ඔවුන්හට නිදහසේ සැරිසරන්නට ඇවැසි ඉඩහසර ලබා දෙන්නේ අපිරිමිත සෙනෙහසිනි.

සුන්දර බලාපොරොත්තු වලින් පිරි ජීවිතයද නිල් අහස මෙනි. අධිෂ්ඨානය, ධෛර්යය ඇත්නම් නිදහසේ ඒ වෙත සියොතුන්ට මෙන් පියඹා යා හැකිය. නමුත් එය එළෙසම නොවෙන්නේය. සුන්දර බලාපොරොත්තු මිනිස් ජීවිත ජීවත් කරවුවද දීප්තිමත් නිල් අහසේ සියොතුන්ට මෙන් නිදහසේ පියඹා යාමට ඔවුනට සෑම විටම අවසර නැත. රොෂාන්හට සිතුනේ එළෙසිනි. කුරුල්ලෙකු මෙන් නිදහස් ගුවනේ පියඹා යාමට තමාද කෙතරම් නම් පෙරුම් පිරුවේද?

සොඳුරු යෞවනයේ විසිපස් වැනි ජීවිත කඩඉමෙහි සිටින රොෂාන් කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි. නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි. සියලු යස ඉසුරින් පිරි ජීවිතයක් රොෂාන් සතු විය. ඉංජිනේරු ශිෂ්‍යාවක වන සෙරීනාද රොෂාන් සේවය කරන්නා වූ ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි. ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි. සෙරිනාගේ පියා බයිසිකල් අලෙවිසැලක් පවත්වාගෙන යන්නේය.

යෞවනයේ මිහිරි ආදරය දෙදෙනාගේම ජීවිත අරක් ගෙන අවසානය. ආදරය කාහටත් පොදු සිතුවිල්ලකි. දෙහදක් බැඳුණු තැන සුන්දර ආදර අන්දරයක් ඇත්තේය. රොෂාන් මෙන්ම සෙරීනාද යොවුන් ආදරයේ මිහිරියාව විඳින්නේ සොබාදහමට අවනතවය. පවුල් පැළැන්ති, සමාජ මට්ටම් කිසිවකට සීමා කළ නොහැකි වූ ආදරයකින් දෙදෙනාම බැඳෙති.2

යහපත් දූ දරුවෝ මව්පිය ආශීර්වාදය මහත් සේ සළකති. රොෂාන් මෙන්ම සෙරීනාද තම ආදරයට මව්පිය ආසිරි පතති. එහෙත් ධනයෙන්, බලයෙන් උදම් වූ කුල මාන්නයෙන් පිරි රොෂාන්ගේ ඇමැති පියා මේ ආදරය කිසිසේත්ම අනුමත නොකරයි. ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තම පුතු දිවයිනේ සුප්‍රසිද්ධ සමාගමක ගුවන් නියමුවෙකු ලෙසින් දැකීමය. තම පුතු වෙනුවෙන් යහපතක් කිරීමට තම පණ වැනි ආදරණීය පුතුගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නොපැකිළි වන පියෙකු ලොව සිටීද?

ඇමැති පියා සියලු කටයුතු යොදන්නේ තම පුතු සතුටින් සිටිනු දැකීම වෙනුවෙනි. තම පුතුගේ අනාගතය වෙනුවෙන් ඇමැති බලය පවා යොදමින් පුතු සමාජයේ ඉහළින් තැබීමට ඔහු වෙහෙසෙන්නේය. එහෙත් ආදරයේ නිදහස තම පුතුහට ලබා දෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. තම පියාගේ බලයෙන් ඔපවත් නොවී නව සමාජයේ තනි ධෛර්යයෙන් නැඟී සිටීමට වෙර දරන රොෂාන් මේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ අධිෂ්ඨානය වන්නේ තම උත්සාහයෙන් ඉලක්ක වෙත ගමන් කිරීමයි. දිගින් දිගටම පියාගෙන් එල්ල වන කුරිරුකම් හමුවේ රොෂාන් – සෙරීනා තීරණයකට එළඹේ. තම ආදරය තම ජීවිතය සේ සළකන මේ ආදරණීය පෙම් යුවළ අවසානයේදී දෙමාපිය ආසිරි නොමැතිවම සිය ආදර මන්දිරය තනති. පොළවේ පයගසා ජීවත් වන්නට වෙර දරන රොෂාන්, සෙරීනා සමඟින් ජීවන ගමනේ ඉදිරිය සකසන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.

ඔවුන් නව ජීවිතය අරඹන්නේ කුළී නිවෙසකිනි. මහා මන්දිරයක ජීවත් වූ රොෂාන් සේම යමක් කමක් තිබූ පවුලක වූ සෙරීනාටද මේ අලුත් ජීවිතය නුහුරු නුපුරුදු වුවත් කිසිම ප්‍රශ්නයක් ඔවුන් අතරට නොපැමිණිනෙන්නේ එකිනෙකා වෙනුවෙන් වූ අනෝන්‍ය අවබෝධය නිසාමය. එහෙත් සිඟිති මුවක කිරි සිනහ දැකීම වෙනුවෙන් වූ ආදරණීය බලාපොරොත්තුව තව තවත් ප්‍රමාද වීම දෙදෙනාම වෛද්‍යවරයෙකු සොයා යති. පරීක්ෂණ අවසානයේදී හෙළිවන්නේ සෙරීනා දරුණු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. විශාල මුදල් සම්භාරයක් වියදම් වන බව පෙනුණද රොෂාන් සෙරිනා නවත්වන්නේ සියලු සැපසම්පතින් පිරි පෞද්ගලික රෝහකය.

එහෙත් එය ඔහුගේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන්නක් විය. එපමණක් නොව සෙරීනාගේ සෞඛ්‍ය තත්ත්වයද පෙනෙනතෙක් මානයක යහපත් සේ නොපෙනේ. ඔහුට අවසානයේදී තමා පණ මෙන් ආරක්ෂා කළ පැරණි මෝටර් බයිසිකලය පවා විකුණා දැමීමට සිදුවේ. ඔහු මේ සියලු කැපකිරීම් සිදු කරන්නේ තම ජීවිතය බඳු වූ ආදරණීය බිරිඳ ජීවත් කරවීම වෙනුවෙනි. එහෙත් ඔහුහට සෙරීනා සුවපත් කරගත හැකි වේද? මේ ගැටළු සියල්ල අතරේ ඇමැති පියාගේ ක්‍රියාකලාපය සේම සියල්ල අවසානයේ සමාජයට ස්ව උත්සාහයෙන් නැඟී සිටින්න වෙර දරණ තරුණයෙකු වූ ඇමැති පියාට අකීකරු පුත්‍රයකු වූ ආදරණීය බිරිඳට ආදරණීය සැමියෙකු වූ රොෂාන්ගේ ජීවිත ඉරණම කෙලෙස විසදේවිද යන්න ගෙන එන ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය රිදී තිරයේ දිගහැරෙන්න නියමිතය.3

නළු නිළි කැළ…

  • අනුජ් රණසිංහ
  • දිනක්ෂි ප්‍රියසාද්
  • කුමා අත්තනායක
  • විල්මන් සිරිමාන්න
  • නාලක දළුවත්ත
  • සෂීනි ප්‍රේමසීල
  • දුමින්ද සෙනරත්
  • නාලක විශ්වමිත්
  • බිනාකා නානායක්කාර
  • මියාසි ක්‍රිස්තෝම්බු
  • නතාශීයා සෙව්වන්දි
  • මංජුලා තරංගනී

 

කාර්ය මණ්ඩලය…

  • අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
  • සහය අධ්‍යක්ෂණය – ජගත් ආනන්ද
  • කැමරාකරණය – චන්දන ජයසිංහ
  • සහය කැමරාකරණය – සුමිත් කුමාරගේ
  • සංගීතය – චිත්‍රාල් සෝමපාල
  • සංස‍්කරණය – අජිත් රාමනායක
  • ඇඳුම් නිර්මාණය – ශාමිලා ෆොන්සේකා
  • වේශ නිරුපණය – නාරද තොටගමුව
  • නිෂ්පාදන කළමනාකරණය – චන්දිමාල් කොඩිතුවක්කු
  • නිෂ්පාදන නිර්මාණ ශිල්පි – හේෂාන් දොන් ප්‍රේමසීල
  • නිෂ්පාදන සංවිධාන – සශීකලා හංසනී4

හැඟීම් බර ආදර අන්දර නිරූපිත සිනමාපට සඳහා වර්තමානයේ දී ලබාදෙන අවකාශය පිළිබඳ සාකච්ඡාවකට මේ වගේ ආදරයක්‌ ද සහභාගී කරගත හැකිය. මෑතදීම මෙවැනි සාකච්ඡාවකට නිමිත්තක්‌ වූයේ “සිනහව අතරින්” සිනමාපටයයි. හැඟීම්බර ආදර අන්දර යනු සිනමාවට ආගන්තුක මාතෘකාවක්‌ නොවේ. ඇතැම් සරල විනෝදාත්මක සිනමාපට නිර්මාණය වන්නේද මේ මාතෘකාව මුල්කර ගෙනයි. විශේෂයෙන්ම සමාන්තර සිනමාපට මාදිලිය තුළ හැඟීම්බර ආදර අන්දර දිස්‌වන වාර ගණනාවකි. කලාත්මක – සම්භාවනීය සිනමාපට ද හැඟීම්බර ආදර අන්දර මුළුමනින්ම ප්‍රතික්‍ෂේප නොකරන බව සත්‍යයකි.

 

‘මේ වගේ ආදරයක්‌’ හි අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් යනු විචාරක අවධානය ලබා ගත්තද, එය තහවුරු කර ගැනීමේ වාසිය ලබා නොගත් අයකු සේ පෙනේ. දිගු කලක්‌ තිස්‌සේ අඩු සිනමාපට ප්‍රමාණයක්‌ ඔහු අතින් නිර්මාණය වීම ඊට එක්‌ හේතුවකි. ඇතැම් තැනෙක ඔහු විවාදාත්මක කාරණා ඉස්‌මතු කළේය යන්න රහසක්‌ නොවේ. හොඳම උදාහරණය ‘අලිමංකඩ’ යි.

 

චන්ද්‍රන් රත්නම් මෙවර හැඟීම්බර ආදර අන්දරයක්‌ නිරූපණය කිරීමට ඉටා ගත්තේ නවමු මුහුණුවරකිනි. එක්‌ අතකින් ‘මේ වගේ ආදරයක්‌’ මෙරට සිනමා ශාලා කරා එන ඩිජිටල් තාක්‍ෂණය භාවිත කළ පළමු ලාංකේය සිනමාපටය යි. වඩා පැහැදිලි රූප රාමු දකිනු රිසියෙන් යුතු ප්‍රේක්‍ෂකයන්ට ‘මේ වගේ ආදරයක්‌’ අලුත් අත්දැකීමක්‌ වීමේ හැකියාවක්‌ නැතුවා ම නොවේ. කෙසේ වෙතත් අර නවමු මුහුණුවර ආ යුත්තේ සිනමාපටය වෙතින්ම ය. එහි දෘශ්‍යමාන කාරණා වෙතින් නොවේ.5

මෙහි එන තරුණ යුවළගේ – රොෂාන්ගේ හා සෙරීනාගේ චරිත සඳහා නුපුරුදු දෙදෙනකු සම්බන්ධ කර ගන්නට චන්ද්‍රන් රත්නම් දැක්‌වූ උනන්දුව පැහැදිලිය. වැදගත් ම දේ ඔවුනගේ සැහැල්ලු රඟපෑම් සිනමාපටයේ තේමාව හා බද්ධ කරන්නට ඇති හැකියාව ගැන ඔහු තුළ තිබෙන්නට ඇතැයි සිතෙන විශ්වාසය යි. කෙතෙක්‌ දුරට එය තහවුරු වේ දැයි යන්න පිළිබඳව නම් ප්‍රශ්න පවතී. මෙතැනදී ප්‍රමුඛ අභිලාෂය බවට පත් වන්නේ පෙම් යුවළගේ සැහැල්ලු රඟපෑම් හැඟීම්බර ස්‌වරූපයකින් අවධාරණය කිරීම ය. අවැසි පසුබිමද තනා ගත යුතුවේ. එනම් සෙසු චරිත පමණක්‌ නොව චරිත අතර නොයෙක්‌ සබඳතාද විසින් උද්ගත කරනු ලබන කාරණා උපයෝගී කර ගත යුතුවීමයි. පැතලි චරිත නිර්මාණය වළක්‌වා ගැනීමට මෙයින් ලැබෙන පිටිවහල ඉමහත් ය.

 

පෙම්වතා ගුවන් නියමු පුහුණුකරුවකු වීමත්, පෙම්වතිය ඉංජිනේරු ශිෂ්‍යාවක වීමත් යන කාරණයද නොවැදගත් නොවේ. නමුත් එය පරයා එන්නේ චරිත අතර සබඳතා ය. සිනමාපටයේ ප්‍රකාශන ස්‌වරූපයට යටත්ව චරිත අතර සබඳතා විශ්වසනීය අන්දමින් හුවා දැක්‌වීමේ තැතකට සිනමාකරුවා පැමිණෙනු ඇතැයි ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තු වෙයි. සිනමාපටය නිමා වන්නේ එම බලාපොරොත්තුව සමඟ තවදුරටත් පොර බැදීමේ අවස්‌ථාවක්‌ ප්‍රේක්‍ෂකයාට හිමි කර දෙමිනි.

 

විවාහප්‍රාප්ත පෙම් යුවළට එරෙහි ලොකුම සතුරා වන්නේ සුවකළ නොහැකි රෝගයකි. එහෙත් ඊට පෙර රොෂාන් හා ඔහුගේ පියා අතර ඇති ගැටුම නිරූපණය කෙරේ. රොෂාන් කියා සිටින්නේ තමාට පියාගේ බලපෑමෙන් තොරව ජීවත් විය යුතු බවයි. පියාද සිය අදහස්‌ මුදා හරින්නේ වාචිකව ය. ඒ විනා පිය-පුතු ගැටුම තුළට පිවිසීමේ හැකියාවක්‌ ප්‍රේක්‍ෂකයාට නැත. රොෂාන් පියාගේ ආදරය ප්‍රතික්‍ෂේප කරන්නේ අහේතුකව ය. පියා තුළ ඇති දරු සෙනෙහසද එසේම ය. රොෂාන් – සෙරීනා යුවළගේ ආදර අන්දරයේ ඇති හුරු පුරුදු බව හා ශෝකාන්තය සිනමාපටයේ හැඟීම්බර හැඩරුව හා ගලපා ගැනීම දුෂ්කර වී ඇතැයි සිතේ. මෙවැනි සිනමාපට ප්‍රේක්‍ෂකයාට හුරුය. අන්තිම තත්පරයේදී හෝ සෙරීනා සුවපත් වේ යෑයි යන්න ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තුවයි. සෙරීනාගේ මරණයත් සමඟම අර හැඟීම් බර බව රැගෙන යන්නට ප්‍රේක්‍ෂකයා අකමැති ය. ශෝකාන්තයක්‌ රැගෙන යැමේ අරුතක්‌ නැතැයි ඔහුට සිතෙනු ඇත. මෙතැනදී අවධානයට ලක්‌ විය යුතුම එහෙත් එපමණ අවධානයකට ලක්‌ නොවන කාරණයක්‌ද වේ. එනම් ‘මේ වගේ ආදරයක්‌’ රඳවා තැබිය යුත්තේ කොතැනකදැයි යන්න යි. ‘සිනහව අතරින්’ සේම ‘මේ වගේ ආදරයක්‌’ ද සමාන්තර සිනමා මාදිලියට එක්‌ කිරීම අසීරු ය. චන්ද්‍රන් රත්නම්ගේ පූර්ව සිනමාපට නම් සමාන්තර සිනමාව හා මීට වඩා ගනුදෙනු කළ බව පෙනේ. ‘අලිමංකඩ’ නම් වඩා විවාදාත්මක වූ සිනමාපටයකි. ‘මේ වගේ ආදරයක්‌’ හා ‘අලිමංකඩ’ අතර ඇති පරතරය සුවිශාල ය. ‘ආදර කතාව’, ‘පොරොන්දුව’ යන සිනමාපට කරා ‘මේ වගේ ආදරයක්‌’ ගෙන යැමද අසීරුය. එසේ නම් ‘මේ වගේ ආදරයක්‌’ හුදෙකලා වනු ඇතැයිද සිතේ. අඩු පිටපත් සංඛ්‍යාවක්‌ ප්‍රදර්ශනයට මුදා හැරීම එය තහවුරු කරන්නටද පුළුවන.

 

චන්ද්‍රන් රත්නම් සතුව ඇති සිනමා අත්දැකීම් ප්‍රමාණය සුළු පටු නොවේ. කෙසේ නමුත් ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබ ඇත්තේ සිනමාපට ස්‌වල්පයකි. ආදරය, සංත්‍රාසය සේම ජන වාර්ගික නොපෑහීම්, සිවිල් යුද ගැටුම් වැනි ඔහුට විෂය වූ කිසිවක්‌ නොවැදගත් නොවේ. ඔහු භාවිත කරන්නේද සරල ප්‍රකාශන රටාවකි. එබැවින්ම ඔහුට දැන් වුවමනා වන්නේ තර්කානුකූල තිරනාටකයක සහය යි. එබඳු විටෙක මෙතෙක්‌ ඔහු අධ්‍යක්‍ෂණය කළ සාර්ථකම සිනමාපටය වන ‘අලිමංකඩ’ අභිබවා යන්නට අවකාශ සැලසෙනු ඇත.

සිනමාවේ නැවුම් තාරුණ්‍යය අනුජ් රණසිංහ දිනමිණ පුවත්පතට කල සමුප සාකච්චාව ඇසුරෙනි

මේ අප සිනමාවට අලුත් කතා නායකයින් බිහි වන යුගයකි. ප්‍රවේගය සමඟින් හේමාල් රණසිංහ සිනමා ලෝලීන්ගේ හදවත් හි ළැඟුම් ගනිද්දී චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා සිතුවම වන මේ වගේ ආදරයක් හි පෙම්වතා වෙමින් තවත් අලුත් කතානායකයෙක් රිදී තිරයට පැමිණ තිබේ. ඒ අනුජ් රණසිංහයි. නිරූපණ ශිල්පියකු වශයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු සයුරි ටෙලි සිතුවමට දායක වෙමින් නළුවකු ලෙස කලඑළියට පැමිණියේය. ඉන් අනතුරුව අනුජ්ව අපට හමුවන්නේ මේ වගේ ආදරයක් සිනමා සිතුවම හරහායි.

 

අනුජ් එකම එක ටෙලි නාට්‍යයෙයි රඟපෑවෙ. ඉන් පස්සෙ සිනමා සිතුවමක ප්‍රධාන භූමිකාව ඔබට ලැබුණා. මොකද හිතෙන්නෙ?

මාරයි කියලා තමයි කියන්න වෙන්නෙ. එක අතකින් මගෙ වාසනාව හින්දයි එහෙම වෙන්න ඇත්තෙ.

මේ වගේ ආදරයක් අධ්‍යක්‍ෂණය කළේ චන්ද්‍රන් රත්නම්. එවන් අයකු යටතේ රංගනයේ යෙදෙනවා කියලා කියන්නෙ ඔබ වැනි අයෙකුට විරළ අවස්ථාවක්?

ඇත්ත. තවමත් මට හිතාගන්න බෑ මිස්ටර් රත්නම්ගෙ චිත්‍රපටයක මං රඟපෑවා කියලා. මා මේ වගේ ආදරයක් ගැන යාළුවන්ට කියද්දි ඔවුන් අහනවා චිත්‍රපටයෙ ඩිරෙක්ටර් කවුද කියලා. මං මිස්ටර් රත්නම්ගෙ නම කියද්දි හැමෝම කියන්නේ මං හරිම වාසනාවන්තයි, එවන් අයකුගෙ චිත්‍රපටයක මුලින්ම රඟපාන්නට අවස්ථාව හිමිවීම කියලයි.

කොහොමද ඔබට චන්ද්‍රන් රත්නම්ව මුණගැසෙන්නෙ?

හේෂාන් කියලා මගෙ මිත්‍රයෙකුයි මාව මිස්ටර් රත්නම් ළඟට යැව්වෙ. ඔහු හා මම මුලින්ම හමුවුණු දවසෙ ඔහු ඉතාම සුහදව මගෙත් එක්ක කතා කළා. දෙවනුව කිව්වා මං මගේ චිත්‍රපටයට ඔබව තෝරා ගන්නවා කියලා. ඩයලොග් බැලුවෙවත් නෑ. අඩුම ගානේ කිසි ස්ක්‍රීන් ටෙස්ට් එකකටවත් තිබ්බෙ නැතුවයි ඔහු මට චිත්‍රපටයේ චරිතය දුන්නේ.

චිත්‍රපටයේ ඔබ පයිලට් කෙනෙක්?

පොඩි කාලෙ මගෙ හීන දෙකක් තිබුණා. එකක් නළුවෙක් වෙන එක. අනික පයිලට් කෙනෙක් වෙන එක. මගෙ තාත්තා එයා ෆෝස් එකේ වැඩ කළේ. ඒ හින්දා තමයි පයිලට් පිස්සුව ඔළුවට ගැහැව්වෙ. මගෙ කාමරයෙ එක පැත්තක නළුවන්ගෙ පිංතූර තිබුණා. අනෙක් පැත්තෙ තිබුණෙ පයිලට්ලගෙ පිංතූර. වාසනාවට හෝ අවාසනාවට මට සැබෑ ජීවිතයේ පයිලට් කෙනෙක් වෙන්න ලැබුණේ නෑ. නමුත් මේ වගේ ආදරයක් නිසා මට පයිලට් ඇඳුම අඳින්න ලැබුණා. ප්ලේන් එකක මෙහෙයුම් මැදිරියෙ යන්න අවස්ථාවත් හිමි වුණා. ඒවා මගෙ ජීවිතයට අමතක නොවන අත්දැකීම්. දින කිහිපයකට හරි පයිලට් කෙනෙක් වුණා කියලා දැණුනාම දැනෙන්නෙ පුදමාකාර ආත්ම තෘප්තියක්.

ඔබ ක්ෂේත්‍රයට ආව හැටි මතක් කළොත්?

මං අර කිව්වනේ හීන දෙකක් තිබුණා කියලා. ඉන් රංගන හීනය හැබෑ කරගන්න නිතර අවස්ථා හෙව්වා. ඒ අතරතුරදී මගෙ උසත් එක්ක මං මොඩ්ලින් කරන්න ගියා. මට ඊට උදවු කළේ බ්‍රයන් කකෝවන් සහ වාසනා දන්තනාරායන. මං 2010 මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් වින් කළා. ඊට පසුව 2011 මිස්ටර් ඉන්ටර් නැෂනල් තරගාවලියේ අන්තිම පස්දෙනා දක්වා ආවා. ඔහොම කාලයක් මොඩ්ලිං කර කර ඉන්නකොට මා හිතාදර බුද්ධික කුලසේකර මට නාට්‍යයකට කතා කළා. ඒක තමයි සයුරි. මං එහි සිතිජ කියන ප්‍රධාන චරිතයටයි පණ පෙව්වේ.

සයුරි ඔබව හිතපු තරම් ජනපි‍්‍රය කළේ නෑ?

මෙහෙමයි, මට හිතෙන විදිහට ඒක ජනපි‍්‍රය ගණයේ නාට්‍යයක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් සයුරි හරහා මගෙ ලස්සන ප්‍රේක්‍ෂකයො දුටුවෙ නෑ. අනික ඒකෙ තිබුණෙ වෙනස්ම රංගන පරාසයක්.

සිනමාවට ද ටෙලි නාට්‍යවලටද ඔබ වඩාත් පි‍්‍රය?

සයුරි කෙසේ වෙතත් මේ චිත්‍රපටයට නම් මට ලැබුණු ප්‍රතිචාර ප්‍රමාණය දරාගන්න බැහැ. චිත්‍රපටය තිරගත වූ දින සිට මේ දක්වා අසීමිත ප්‍රතිචාරයන් ලැබුණා විවිධාකාර පුද්ගලයන්ගෙන්. සමහර විට මං හිතන්නෙවත් නැති පුද්ගලයො චිත්‍රපටයෙ මගෙ චරිතය ගැන කතා කරනවා. මං හිතනවා ඒකටත් හේතුවක් ඇති. මේ චිත්‍රපටයෙ මං නිදහසේ රඟපෑවා. ටෙලිවල තියෙන්නෙ ඩයලොග් කියන්න විතරයිනේ. මහාලෝකුවට අපට රංගනයෙ යෙදෙන්න නිදහසක් නැහැ. මං චිත්‍රපටයට මගෙ උපරිම දායකත්වය ලබා දුන් හින්දා වෙන්න ඇති මේ තරම් ප්‍රතිචාර.

නව පරපුරේ අයකු විදිහට ප්‍රවීණයන් සමඟ වැඩ කරන්නට ලැබීම ගැන මොනවද කියන්න තියෙන්නේ?

මට මතකයි මං පළමු වතාවට සයුරි නාට්‍යයේ රඟපාන්න ගිය දිනය. එදා මගේ අම්මාට රඟපාපු ගීතා කාන්ති ජයකොඩි මහත්මිය මට ළඟට කතාකරලා ඩයලොග් බලාගමු කිව්වා. අන්න එදා තමයි මට හිතුණෙ මං කොච්චර වාසනාවන්තද කියලා. ඇතැම් අවස්ථාවල මං ප්‍රවීණයන්ට වධයක් වුණා. ඒ මං නොදන්න දේවල් අහන්න ගිහින්. කියන්න සතුටුයි මට මෙතෙක් කල් හමුවුණු ප්‍රවීණ අය නම් ඉතාම වැදගත් සහ අලුත් අයට උදවු කරනවා.7

ඔබගේ වැඩි ඇල්ම සිනමාවට වගේ?

ඔව්,

එතකොට ආයෙ ටෙලි නාට්‍යවල රඟපාන්න හිතක් නැත්ද?

හොඳ ටෙලි නාට්‍යයක් ආවොත් බාර නොගෙන ඉන්නෙ නැහැ.

ඔබට ඊළඟටත් පෙම්වතෙකුගේ චරිතයක් ලැබුණොත්?

කිසි ප්‍රශ්නයක් නැහැ. මං රපානවා.

රිදී තිරයෙදී ඔබට ගැළපෙනම පෙම්වතිය කවුද?

මං හිතනවා මට ඩිනක්‍ෂි පි‍්‍රයසාද්ව හොඳට ගැළපෙනවා කියලා.

අනුජ්ට අභියෝගයක් වෙන නළුවො ඉන්නවද?

අභියෝගයක් නෙවෙයි තරගයක් දෙන්න ඕන නළුවො නම් ඉන්නවා.

නම් වශයෙන් කියන්න පුළුවන්ද?

හේමාල් රණසිංහ, රොෂාන් රණවන.

චරිතයක් වෙනුවෙන් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කරගන්න ඔබ සූදානම්ද?

අනිවාර්යයෙන්ම. එහෙම චරිත මට ලැබෙනවට මම කැමැතියි. එතකොට වෙනසක්නෙ. කොණ්ඩෙ කපන්න ඕන නම් කපනවා. රැවුලත් එහෙමයි.

අනුජ් අනුගමනය කරන නළුවන් කවුද?

අර්ජුන් රාම්පාල්, ජෝන් ඒබ්‍රහම්, ෂාරුක්, අමීර්, මේ අය දිහා බලාගෙන මං බොහෝ දේ ඉගෙන ගන්නවා.

මේ වන විට ඔබට ගැහැනු ළමයි කී දෙනෙක් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?

හතක් අටක් විතර.

ඒ අතරේ නිළියොත් ඉන්නවාද?

අපෝ නැහැ.

රිදී තිරයෙ පෙම්වතා වෙන්න බලාපොරොත්තුවෙන් හිටියත්, ගැහැනු ළමයි ගණනාවක් ආදරේ ප්‍රකාශ කළත් ඔබ තවම තනිකඩයි?

මිස්ටර් ශ්‍රී ලංකා වුණාට පසුව මගෙ අන්තිම පෙම්වතිය මාව දාලා ගියා. ඒකට හේතුව වුණේ මගෙ කලා ජීවිතය නෙවෙයි. යම් යම් නොගැළපීම් මත අපි වෙන් වුණා. එදායින් පසුව ආදරයක් ගැන හිතුවෙ නැහැ.

අනුජ්ගෙ වෘත්තිය රංගනය නෙවෙයි?

ඔව්, වෙඩින් සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි මගෙ වෘත්තිය.

අනුජ් ගෙ ගෙවල් කොහෙද?

පානදුරේ.

ඉගෙන ගත්තේ ?

පානදුර ශ්‍රී සුමංගල සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලවලින්.

පවුලේ විස්තරත් කියමු?

අම්මයි, තාත්තයි, අක්කයි.

 

රු ගත කිරීම් අතර තුර..8 9 10 11 12 13 14 15 16 17 

 

විශේෂ අවස්ථා කිහිපයක්..18 19 20 21 2224 25 26 27 28 29 34 33 32 31 30

 

(අන්තර්ජාලය ඇසුරින්)

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…

www.facebook.com/charuka4u

තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…

http://charukalakshitha.blogspot.com/

චාරුක ලක්ෂිත (9 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *