Gotham S02e02 Review ** Spoiler alert**

මුලින්ම කියන්න ඕනේ වෙනදට gotham රිවිව් එක ගේන ඇඩ්මින් සහෝදරයාට මේපාර ලියන්න බැරිවෙන නිසා ඒ වගකීම මට පැවරුණා.. මිට කලින් මම Daredevil සහ BvS Trailer දෙකේ බ්රේක් ඩවුන් කරලා තිබුනට අපේ පේජ් එකේ යාලුවෝ කැමතිම අංගය වෙන රිවිව් එකක් දෙන පලවෙනි වතාව.. එක නිසා අතපසුවීම්,වැරදිච්ච තැන් එහෙම තියෙනවනම් ඒ ගැන සමාවෙන්න ඕනේ..

අපේ යාළුවො හැමෝම දන්නවා ගෝතම් කියන්නේ ඇරෝ,ෆ්ලෑෂ් දෙකට වඩා ටිකක් වෙනස් ආකාරයෙන් ගලාගෙන යන කතාමලාවක් කියල.ඒක නිසාම අනිත් ඒවාට වඩා ගෝතම් වල ඊස්ටර් එග්ස් ටිකක් වැඩිපුර හැංගිලා තියෙන්නේ,අනික කොමික් රිෆරන්ස් ගොඩක් සාවධානව බැලුවොත් තමයි අහුවෙන්නේ.. නමුත් මේ පාර එපිසෝඩ් එකේදී අපිට(මට) කලින් ඒවායේ තරම් ඊස්ටර් එග්ස්,කොමික් රිෆරන්ස් දකින්න ලැබුනේ නෑ.. නමුත් එහෙම කියල මේ පාර එපිසෝඩ් එකේ ගුණාත්මක භාවයට කිසිම අඩුවක් වෙලා නෑ.. වෙනත් විදිහකට(මේ පාර කතාවේත් තියෙන විදිහට) කියනවා නම්, කතාමාලවට “Grand Opening” එක ලැබුනේ මේපාර කතාවෙන් කිව්වොත් මන් හිතන්නේ මම හරි..

01 – මේ පාර කතාව පටන් ගන්නේ තියෝ ගේ නිවසෙන්.. තියෝ ගේ මේ බිල්ඩින්ග් එක සහ ඇතුලේ තියෙන සැරසිලි,චිත්‍ර වගේ දේවල් දැක්කහම හිතෙනවා batman ගේ හතුරෙක් වෙන මැක්සිමිලියන් සියුස් ගැන පොඩි ඉඟියක් දෙනවා වත්දෝ කියල.. එත් අපිට පස්සේ දැකගන්න ලැබෙන දේවල් නිසා ඒ මතය බැහැර කරන්න පුළුවන්.. තියෝ ගැල්වානි කියන්නේ කවුද කියල දැනගන්න අපිට තව කාලයක් බලන් ඉන්න වෙයි..

02 – ගෝතම් ගැසට් පත්තර කන්තෝරුව ගැන තමයි අපිට ඊළඟට පෙන්නන්නේ.. ඇත්තටම batman කොමික් වල ගෝතම් ගැසට් පත්තරෙත් තියෙනවා.. ඒත් ගොඩක්ම ජනප්‍රිය සහ වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ විකී වේල් එහෙම වැඩකරන ගෝතම් ඩේලි පත්තරය..

03 – Maniax : කතාව ආරම්භයේදීම දැකගන්න ලැබෙන සුපිරිම අවස්ථාවක් තමයි මේක.. ඇත්තටම මොකක්ද/කවුද මේ Maniax කියන්නේ කියල ටිකක් හොයල බැලුවම 90 දශකයේ batman කොමික් වල ආපු Malevolent Maniaxe කියන ත්‍රිපුද්ගල කණ්ඩායම ගැන දැනගන්න ලැබුනා.. ආකම් වලින් හයදෙනෙක් පැන්නට කතාව ඉවර වෙනකොට ඉතුරු වෙලා ඉන්නේ ජෙරොම්,බාර්බරා සහ ආරොන් විතරනේ..

04 – ජෙරොම් ගේ හිනාවට කැමති මම විතරක් නෙමෙයි කියල මං හොඳටම දන්නවා.. ගියපාර සීසන් එකේදී පෙන්ගුයින් වගේ මේ පාර අපේ මේ වෙන්ඩ-ජෝකර් ගේ චරිතය අපි හැමෝගෙම අවධානය දිනාගන්න බව දැන්ම පෙන්න තියෙනවා..

05 – බාරබරා ගේ අදුරු පැත්ත අපිට දැන් හොඳටම බලාගන්න පුළුවන්.. ගියපාර සීසන් එකේ අන්තිම හරියේදී ඔග්රේට රැවටිච්ච කෙල්ල අපිට පෙන්නනවා එයා ඒ රැවටුනා නෙමෙයි කියල..

06 – Batcave එක ඇතුලේ තියෙන දේවල් ගැන තාම හරියටම හිතා ගන්න අමාරුයි.. ඒ මොනවා උනත් අල්ෆ්රෙඩ් බ්රුස් ව කරදරවලින් ගලවගන්න දරන උත්සාහය සහ බ්රුස් ගේ දරදඬු ,ගත්ත තීරණයක් වෙනස් නොකරන ගතිය කොමික් වල තියෙන තැන් සේරම එකතැනකට ගත්තා වගේ මෙතැනදී නම්.. මේක හැබැයි ඉතින් කොමික් වල වගේ ගොඩක් ලොකු ගුහාවක් නෙමේ කියලත් ආපහු මතක් කරන්න හිතුනා.

07 – මෙතැනදී ජෙරම් කතාකරන විදිහ නිකන් ස්ටාර් වෝර්ස් වල යෝඩා කතාකරන විදිහ ට ටිකක් විතර සමානයි..

08 – මේ පාර කතාවේ මම කැමතිම තැනක් තමයි මේක.. ජෙරම් රෂියන් රුලේට් එක කරන තැන හැසිරෙන විදිහ තනිකරම කොමික් වලදී අපිට දැකගන්න හම්බෙන ජෝකර් කෙනෙක් වගේමයි.. අනිත් දේ තමයි එතනදී ජෙරම් කියන “What’s the secret to a good joke? – Timing.. and what’s courage? – Grace Under pressure.. And Who is the BOSS? – I Am the BOSS…” දේ සහ ඒ කියන විදිහ මගේ හිතට තදින්ම වැදුනා..

09 – අල්ෆ්රෙඩ් යන්න හදන වෙලාව ඇත්තටම සියුම් සංවේගයක් ආපු වෙලාවක්.. ඒ වගේම බැටා ගේ තියෙන තව අසමජ්ජාති ලක්ෂණයක් හොඳටම පෙන්වපු වෙලාවක්..

10 – පලවෙනි සීසන් එකේ අන්තිමේදී ලොකු වෙනසක් වන නිග්මා ගේ තවත් දර්ශනයක් තමයි මෙතැනදී පෙන්නන්නේ..ඇත්තටම නිග්මා එහෙමත් නැත්තම් රිඩ්ලර් බැටා ගේ අනික් විලන්ස් ලට වඩා ගොඩක් සිහි බුද්ධිය තියෙන කෙනෙක්.. එක නිසා මේ කතාවේදී අපේ එඩී නිග්මාගේ මේ හැසිරෙන විදිහට නම් මම ටිකක් විතර අකමැති..

11 – අල්ෆ්රෙඩ් ට යන්න දෙන්නේ නෑ කියල අපි කලින්ම දන්නවා උනාට ඒ ගැන ගොඩක් ලස්සනට මෙතැනදී පෙන්නුවා.. අනික අල්ෆ්රෙඩ් ට කඩපු පරිගණකය හදල දෙන්න කියපු එක ගොඩක් වැදගත් දෙයක්.. ඉස්සරහට බැටා ට එහෙමත් නැත්තම් බ්රුස් ට පරිගණක අංශයෙන් පවා සහය දෙන්න, ලෝක යුද්ධ කාලේ බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කරපු බට්ලර් මේවා ගැන දැනගෙන ඉන්න ඕනෙනේ ඉතින්..

12 – ලුශියස් ෆොක්ස් සහ අල්ෆ්රෙඩ් කියන්නේ කොමික් වලදීත් සමීපතමයෝ.. ඉතින් බ්රුස් ගේ තාත්තගේ කැඩුන (කඩපු) කම්පියුටර් එක හදන්න ලුශියස් ගෙන් උදව් ගන්න එක ගොඩක් වැදගත් අවස්තාවක්..

13 – ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා ගෝතම් වලදී බාර්බරාව හාලි කුයින් කරන්න හදනවා කියල.. ඒක ඇත්ත වෙනවට නම් මමත් පොඩ්ඩක්වත් කැමති නෑ.. ඒ උනත් මෙතන බාර්බරා ගේ ඇඳුම දැක්කම ඔයාලට මොකක් හරි විශේෂ දෙයක් මතක් වෙනවද? රතු පාට ගල්වුස් දෙකයි කළු පාට ඇඳුමයි ගත්තම එතනින් හාලි කුයින් ගේ ඔරිජිනල් තීම් කලර්ස් දෙක තමයි එන්නේ.. හැබැයි ප්‍රාර්ථනා කරනවා ඒ දේ නම් වෙන්න එපා කියල..

14 – කතාවේ මම තවත් ආසම තැනක් තමයි මේක.. ඔයාලට පෙනුනද පොලිසියේ තියෙන ඔරලෝසුවේ ස්වභාවය.. ඉස්සරහට එන්න තියෙන නරක කාලය ගැන අපිට සංකේතාත්මකව පොඩි ඉඟියක් දෙනව කියල තමයි මටනම් හිතෙන්නේ.. අනික තමයි කතාවේ මුල හරියේදී අලුත් යුගයක උදාව ගැන කතා කරපු කමිශ්නර් සාරා එසන්ස්,අසරණව මේ ඔරලෝසුව ඉස්සරහ ඉන්නවා.. ගෝතම් වලදී ඔන්න ඔයවගේ පොඩි පොඩි දේවල් පවා ගොඩක් ලස්සනට අපිට කියන විදිහට එදා ඉදන්ම මම ගොඩක් ආසකලා..

15 – “There is nothing contagious than laughter” කතාවේ තිබුන තවත් “එපික්” ම වැකියක් සහ අවස්තාවක්..

16 – සාරා එසන්ස් මැරෙනවා ටිකක් කල් වැඩි වගේ හැඟීමක් තියෙනවා.. ගොඩක් දුරට මේ දේ කලේ බුලොක් ව ආපහු පොලිස් සේවයට එන්න හේතුවක් හදාගන්න වෙන්න ඕනේ.. ඒ කොහොම උනත් කොමික් වලදී සාරා එසන්ස් කියන්නේ ගෝර්ඩන් ගේ දෙවෙනි බිරිඳ.. කොමික් වලදී මෙයා ජෝකර් අතින් තමයි මැරෙන්නේ.. අනික කොමික් වලදී මෙයා කමිශ්නර් නම් කොහොමටවත් වෙන්නේ නෑ..

17 – බ්රුස් සහ ෆොක්ස් ගේ හවුල කොච්චර වටිනවද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..

18 – නිග්මා සහ ක්රින්ගල් ගේ බැඳීම ගැන ඉස්සරහට අපිට දැකගන්න පුළුවන් වෙයි වගේ.. මේක නිග්මා රිඩ්ලර් වෙන ගමනේදී වැදගත් සිදුවීමක්..

19 – මේ පාර එපියේදී ඉද්රියේදී අවශ්‍ය වෙන සහ දීර්ග කාලින බැඳීම් කිහිපයකට අඩිතාලම වැටුනා.. එකෙන් අන්තිමට උනේ බ්රුස් ගොර්ඩන්ව වැළඳගන්න තැන..

20 – අවසාන සහ සුවිශේෂීම දෙයක් තමයි ජෙරොම් ගේ ජෝකර් ලුක් එක.. ජෙරොම් ජෝකර් වෙනවා කියන එක දැන් අපිට ස්ථිරයි වගේ.. කතාව පටන් ගත්ත හරියේදී කියනවා ජෙරම් ගේ වයස අවුරුදු 18යි කියල.. ඉතින් ජෙරම් ජෝකර් උනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ කියල තමයි මගේ නම් අදහස..
මේ කොටස බලද්දී ඩාර්ක් නයිට් වල “Are you the real Batman?” වැකිය තියෙන දර්ශන කොටස සහ එතැනදී හීත් ලෙජර් කරපු රංගනය මතක් වෙන්නත් ඇති..

‪#‎GothamReview_sII_eII‬

‪#‎ClownPrinceOfCrime‬

https://www.facebook.com/slcomicscript

01 2014 Octomber (1)

Comic Script (144 Posts)


One thought on “Gotham S02e02 Review ** Spoiler alert**

  • October 3, 2015 at 10:48 AM
    Permalink

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *