පුවත්ලාංකීයලාංකීය සිනමාවවගතුගසියල්ල

දරු සුරතල් මැද රුගන්වූ ” සිරි පැරකුම් “

1ඓතිහාසික දඹදෙණිය රාජධානියේ රාජ්‍යය කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා අපේ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ රජ කෙනෙකි. ඒ සුවිශේෂිත්වය වනාහි මේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයට එතුමා අතින් සිදුවූ මෙහෙවරයි. අප කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන ‘කව් සිළුමිණ’ කාව්‍ය සංග්‍රහය දෙවැනි පරාක්‍රමබාහු රජුගේ සාහිත්‍ය ග්‍රන්ථ අතර සුවිශේෂී වේ.

සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.

දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප‍්‍රවාද පාදක කර ගනිමින් රචිත තිර රචනයකි.2

මෙම රජතුමාගේ ළමා කාලය ගැන ලේඛන ගත, සනාථ කළ නිශ්චිත තොරතුරු ඉතිහාසයේ සදහන් වී නැතත් මුඛ පරම්පරාවෙන් පැවත එන විවිධ ජනප‍්‍රවාද රාශියක් ඇත. මෙම ජනප‍්‍රවාද වල කියවෙන බොහෝ නම්ගම් හා පෙලපත් නාම අදත් අසන්නට දකින්නට ඇති නිසා එම ජනප‍්‍රවාදවලට පාදක වූ කිසියම් සත්‍ය තොරතුරු ද ඇතැයි අනුමාන කළ හැක. ඇතැම් ජනප‍්‍රවාද අතර පරස්පර විරෝධීකම් ඇතත් සියලූම ජනප‍්‍රවාද වලට පොදු ලක්ෂණ ද ඇත. එවන් පොදු ලක්ෂණ හා සිනමා කෘතියකට උචිත ලෙස මනඃකල්පිතව නිර්මාණ කරන ලද සිදුවීම්ද මෙහි ඇතුළත් ය.

එහෙයින්, මෙම තිර රචනය එම ජනප‍්‍රවාද පාදක කරගත් නව නිර්මානයක් විනා සත්‍ය තොරතුරු පමණක් අඩංගු ඉතිහාස වාර්තාවක් නොවනු ඇත.

දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය පිළිබඳ එතුමන් රාජ්‍යය කළ දඹදෙණිය රාජධානිය තුළ විවිධ ආකාරයේ ජනප්‍රවාද අසන්නට ලැබේ. මේ ජනප්‍රවාද පිළිබඳ සැලකිල්ලට ගෙන ඒ ආශ්‍රයෙන් නිම වූ තිර පිටපතකට අනුව සැකසෙන ‘සිරි පැරකුම්’ චිත්‍රපටය මාතලේ, නාඋල, අනුරාධපුරය ආදි ප්‍රදේශ අවට රූගත කර ඇත. ‘සිරි පැරකුම්’ අධ්‍යක්ෂවරයා වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයි. නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.3

ලස්සන සින්දු තුකක් තියනවා බලන්නකෝ ලස්සනද කියලා…

  • ඈත මෑත සුවඳ දී සැලී…

Main – Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)

Music – Rohana Weerasingha (රෝහණ වීරසිංහ)

Lyrics – Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

 

ඈත මෑත සුවඳ දී සැලීනේක

නේක හැඩ රුවින් හැදී

පාට පාට මල් වගේ පිපී

යාලු යාලු පොඩි ලමයි අපී

 

Aatha Maata Suwanda di sali

Neka neka Hada ruvin hadee

Paata paata mal wage pipi

Yalu Yalu podi lamai api

[youtube]https://www.youtube.com/watch?v=DH6rMZfftqc[/youtube]

  • කුසුම් පිපි වසන්තේ…

Main – Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)

Music – Rohana Weerasingha (රෝහණ වීරසිංහ)

Lyrics – Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

 

වසන්තේ… සුගන්ද මදු වසන්තේ…

කුසුම් පිපෙන වසන්තේ…

විගුම් හමන වසන්තේ…

හැගුම් මවන රැගුම් මවන සුගන්ද මඩු වසන්තේ…

 

wasanthe…. suganda madu wasanthe….

kusum pipena wasanthe…

vigum hamana wasanthe..

hagum mawana ragum mawana sugandu madu wasanthe…

[youtube]https://www.youtube.com/watch?v=FoRM0-RVA-U[/youtube]

  • පිපි කුසුම වදුලු සිඹිමින්…

Main – Siri Parakum Film (සිරි පැරකුම් චිත්‍රපටය)

Music – Rohana Weerasingha (රෝහණ වීරසිංහ)

Lyrics – Somarathna Dissanayake (සෝමරත්න දිසානායක)

 

පිපි කුසුම වදුලු සිඹිමින්

තුරු සිරස ලපලු අතරින්

එන ළහිරු කිරණ මෙතරම්

සොඳුරු නැත රජ මැදුරු වල නම්…

 

Pipi Kusuma Wadulu Simbimin

Thuru sirasa lapalu atharin

Ena lahiru kirana metharam

Thuru Sirasa Lapalu Atharin

 

[youtube]https://www.youtube.com/watch?v=GLXHxBnorn0[/youtube]

සිරි පැරකුම් ෆිල්ම් එකේ රගපාන අයගේ සැබෑ නම්…..

පරාක‍්‍රමබාහු (අප්පුවා)

  1.  ළමා වයස 1 ප‍්‍රමුදිත උදයකුමාර
  2.  ළමා වයස 2 සචින් චතුරංග
  3.  තරුණ අකිල ධනුද්දර

කළු එතනා

  1.  ළමා වයස 1 සෙනංගා කැප්පෙටිපොල
  2.  ළමා වයස 2 මිහිරි දේශපි‍්‍රය
  3.  තරුණ සිනේති අකිලා

සිරිමල් එතනා

  1.  ළමා වයස 1 තරින්සා සිංහබාහු
  2.  ළමා වයස 2 මිනෝලි බාලසූරිය
  3.  තරුණ සෙනාලි ෆොන්සේකා

 

විජයබාහු රජතුමා : පාලිත සිල්වා

යෝනක බිසව : සචිනි අයේන්ද්‍රා

පතිරාජ සෙනෙවි: අෂාන් ඩයස්

පුරෝහිත 1 : දයාදේව එදිරිසිංහ

රෙදි නැන්දා : චාන්දනී සෙනෙවිරත්න

ගමරාළ : බිමල් ජයකොඩි

ගම හාමිනේ : ජයනි සේනානායක

කළුන්දාව හාමුදුරුවෝ : ගිරිරාජ් කෞෂල්‍ය

සංඝරාජ හාමුදුරුවෝ : සම්පත් තෙන්නකෝන්

කම්මල් කරු : ජයන්ත මුතුතන්ති‍්‍ර

රනාවත්තේ දුරයා : ලලිත් ජයකාන්ත

දුර හාමිනේ : දමයන්ති ෆොන්සේකා

 

සිරි පැරකුම් ෆිල්ම් එකේ ශිල්පීන්…..

සහාය අධ්‍යක්ෂණය – අසෝක අතාවුදහෙට්ටි

වේශ නිරූපනය – නාරද තොටගමුව

නිශ්චල ඡායාරූප – විශ්ව බාලසූරිය

ඇදුම් නිර්මානය – වෙනුක වික‍්‍රමාරච්චි

කලා අධ්‍යක්ෂණය – හීනැටිගල පේ‍්‍රමදාස

සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනා – විශාරද හර්ෂන දිසානායක, සමන් ලෙනින්,

සුවී මාලියද්ද, රූනාර දිසානායක

සංස්කරණය – අජිත් රාමනායක

කැමරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා

නිෂ්පාදනය – රේණුකා බාලසූරිය

තිර රචනය හා අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක

 

‘සිරි පැරකුම්’ රිදී තිරයට ගෙනෙනුයේ මෙවැනි කතා පසුබිමකි...

4කාලිංග මාඝගේ ආක‍්‍රමනයෙන් පසු පොළොන්නරු රාජධානිය අතහැර සිංහල රාජධානිය දඹදෙනිය බවට පත් කර, දඹදෙනි පව්ව මත මලිගයක් තනවා තුන්වන විජයබාහු රජතුමා රජකම් කරන සමයයි. රජතුමාගේ පළමු අග බිසව පරාක‍්‍රමබාහු කුමාරයා බිහිවන දරු ප‍්‍රසූතියේදී මිය යයි. ඉන් පසු අග බිසව බවට පත්වන්නේ යෝනක බිසවකි. මෙම බිසවට ලැබෙන කුමාරයා වත්හිමි නම් වේ. රාජ සම්ප‍්‍රදාය අනුව පරාක‍්‍රමබාහු කුමාරයාට ඊලග රජකම හිමි වුවද, සිය පුත් වත්තමි කුමාරාට ඊලග රජකම ලැබිය යුතු බවට යෝනක බිසව රජතුමා කැමති කරවා ගනී. මෙම තීරණයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධයක් ඇත. මාඝගේ සේනාව දඹදෙනිය දෙසට ගමන් කරයි. යුද්ධයෙන් ජය ලැබුවහොත් සුදු කොඩියකුත්, පරාජය උවහොත් කළු කොඩියකුත්, සමග පනිවුඩ සෙබලකු එවන බවට දැනුම් දී සතුරු සේනාව මැඩපැවැත්වීමට චතුරංගනී සේනාවද සමග රජතුමා යුධ බිමට යන්නේ පරාක‍්‍රමබාහු කුමාරයාගේ ආරක්ෂාව පතිරාජ නම් සෙනෙවියකුට පැවරීමෙනි.

රජතුමා පරාජය වී, කළු කොඩියක් දුටුවහොත් මාලිගා පවුවෙන් බිමට පැන දිවි නසා ගන්නට අන්තඃපුර කුමාරිකාවන් සහ අනෙකුත් සේවකයින් ගිවිස ගනියි. නමුත් රජතුමා නියත වශයෙන් ජය ලබන බව දෛවඥයින් පවසා ඇත. පරාක‍්‍රමබාහු කුමාරයා මරා දැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා යෝනක බිසව සුදු කොඩිය ගෙන

එන සෙබලා මරා, කළු කොඩියක් ගෙන වෙනත් සෙබලකුට එන ලෙස කුමන්ත‍්‍රණය කරයි. මාලිගා පර්වතයෙන් බිමට පනින සියලූ දෙන සමග පරාක‍්‍රමබාහු කුමාරයාද දමා, තමා දිවි ගලවා ගැනීම ඇයගේ උපායයි.

රජතුමා යුධයෙන් ජය ගනී. කුමන්ත‍්‍රණය අනුව කළු කොඩි සෙබලා පැමිනේ. බිසෝවරු සමග සේවකයින් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනිති. පතිරාජ සෙනෙවිගේ රැකවරණය නිසා පරාක‍්‍රමබාහු කුමාරයා බේරෙයි. නමුත් මාලිගාවේ සිටීම කුමාරගේ ජීවිතයට තර්ජනයක් නිසා පතිරාජ සෙනෙවි මාලිගාවේ රෙදි සෝදන රෙදිනැන්දා අත කුමාරයා ගමට පිටත් කර හරින්නේ කෙසේ හෝ කුමාරයා ජීවත් විය යුතු නිසාය.

රෙදිනැන්දා කුමාරයා ගමේ ගමරාලට බාර දෙන්නේ රාජ කුමාරයෙකු බව නොකියාය. ගමරාළට කළු එතනා හා සිරිමල් එතනා නමින් දූවරු දෙදෙනෙකි. කුමාරයා ‘‘අප්පුවා’’ නමින් නම් කෙරේ.

මාලිගාවේ සිරවී ගෙවූ ජීවිතයට වඩා ගමේ නිදැන්ලේ ගෙවන ජීවිතය කුමාරයා පි‍්‍රය කරයි. කාලයත් සමග තමා රාජකුමාරයෙකු වග කුමාරයාට අමතක වී යයි. රූපකායෙන් මෙන්ම කි‍්‍රයාකාරකම්වලින්ද අප්පුවා අනෙකුත් ළමයින්ට වඩා කැපී පෙනෙන්නෙකු වෙයි. ක‍්‍රමයෙන් තරුණ වියට පත්වන අප්පුවා ගමරාලගේ ගොවිතැන් කටයුතු වල සියලූ වගකීම් බාර ගනියි. කළුඑතනා අප්පුවා කෙරෙහි ඇත්තේ අප‍්‍රසාධයකි. නමුත් බාල සොයුරිය සිරිමල් එතතා අප්පුවා පි‍්‍රය කරයි. ගැහැණු ළමයි දෙදෙනාට මංගල යෝජනා එන විට ගමරාල කැමති වන්නේ දෙදෙනාම අප්පුවාට සරණපාවා දීමටය. කළුඑතනා අප්පුවා ප‍්‍රතික්ෂේප කරන අතර සිරිමල් එතනා එකග වෙයි. මේ අතර 3වන විජයබාහු රජතුමා මියගොස් වත්තිමි කුමාරයා කුරුණෑගල රාජධානිය කොට රජකම් කරයි. මෙම රජතුමා කෙරෙහි බෞද්ධ භික්ෂූන්ගේ අප‍්‍රසාදයක් ඇති නිසා කුමන්ත‍්‍රණයකින් පසු ඔහු පර්වතයෙන් බිමට පෙරලා මරා දමයි.

ඊලගට කිරුළ භාර ගැනීමට සුදුස්සෙකු නැති හෙයින්, රාජකීය හස්තියා දන නමස්කාර කරන පුද්ගලයා රජු වශයෙන් තෝරාගැනීම සම්ප‍්‍රදාය හෙයින්, හස්තියා සරසා වීදි සංචාරය කරවයි. පරාක‍්‍රමබාහු කුමාරයා සිටින දිසාව දන්නා පතිරාජ සෙනෙවි ඇතා යොමු කරන්නේ එම ගමටය. හස්තියා අප්පුවා ඉදිරියේ දන නමස්කාර කරයි.

‘සිරි පැරකුම්’ රිදී තිරයට ගෙනෙනුයේ මෙවැනි කතා පසුබිමක් සහිතවය….

 

සෝමරත්න දිසානායකගේ අදහස්….

5‘සිරි පැරකුම්’ අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අප හා එක්වෙමින් පැවසූයේ මේ චිත්‍රපටය තමන් හිතුවටත් වඩා දැවැන්ත නිර්මාණයක් බවයි.

 

“අපි පසුගිය දිනවල මාතලේ නාඋල හා අඹන කියන ප්‍රදේශයේ රූගත කිරීම් කළා. මේ දිනවල අපි ඉන්නේ අනුරාධපුරයේ. මිහින්තලේ කළුදිය පොකුණ අවට හා භත්ථිකුච්චි ප්‍රදේශයේ රූගත කිරීම් කරනවා. මේ දවස්වල අපිට ටිකක් කාලගුණයෙන් බාධා තිබෙනවා. වැස්ස පටන් ගත්ත නිසා. නමුත් අපට වැස්සත් අවශ්‍යයි. මොකද මේ චිත්‍රපටයේ කුඹුරු වැඩ කරන දර්ශන තිබෙනවා.

 

‘සිරි පැරකුම්’ චිත්‍රපටය ඓතිහාසික කතාවක් වගේම ජනප්‍රවාද ඇසුරින් කරපු අලුත් අර්ථකථනයක්. හැමදාමත් වගේ මේ චිත්‍රපටය නිර්මාණය වීමේදීත් මගේ චිත්‍රපටවල තිබෙන මහා පොදු සාධකය වන දරුවන්ගෙන් මිදෙන්න බැරිවුණා. භාගෙට භාගයක් ඉන්නේ ළමයි. අවුරුදු පහේ දරුවනුත් ඉන්නවා. මේ දරුවන් නිසා මුළු දර්ශන තලයම අමුතු චමත්කාරයකින් පිරිලයි තියෙන්නේ. විවේක වෙලාවට හුරතල් කවි, කතා රාශියයි. අපි රූගත කිරීම් කරන්නේ අතිශයින් දුෂ්කර ප්‍රදේශවල. ඒත් මේ දරුවෝ නිසා අපේ මහන්සියත් ඉබේම නැතිවෙලා යනවා.”

 

සෝමරත්න දිසානායක කිවුවම ඔහුටම ආවේණික වූ සිනමා ගමන් මඟක් තිබෙන සිනමාකරුවෙක් ලෙසට කාටත් මතක් වෙනවා. එහෙත් ‘සිරි පැරකුම්’ ගැන ඇහුවම බොහෝ දෙනකුට හිතෙන්න පුළුවන් මෙවර ඔහු සිය ගමන් මඟ වෙනස් කරලා ඓතිහාසික රැල්ලට එක් වුණා ද? කියලත්. ඒ ගැන ඔහු කිවුවෙ මෙවැනි දෙයක්.

 

“ඓතිහාසික කතා පුවත් ඇසුරින් සිනමා නිර්මාණ කරන රටාවක් රැල්ලක් අද ලංකාවේ නිර්මාණය වෙලා තිබෙනවා තමයි. ඒ රැල්ලට එක්වෙන්න මට කිසිම වුවමනාවක් නෑ. මේ චිත්‍රපටය කරන්න මම හිතාගෙන හිටියේ මීට අවුරුදු ගණනාවකට කලින්. එතකොට ඓතිහාසික රැල්ලක් ඇවිල්ලත් නෑ. මම දඹදෙණිය රාජධානියේ උපන් කෙනෙක් විදියට දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය ගැන විවිධ ජනප්‍රවාද අසා තිබුණා.

 

ඒවා හරිම විචිත්‍රයි. ඒ ඇසුරින් මේ පිටපත ලියලා දැන් අවුරුදු 3 – 4 ට වැඩියි. නිරීක්ෂණ, අධ්‍යයන ගොඩාක් තිබුණ නිසා පිටපත අවසන් කරන්න කල් ගියා. කොහොම වුණත් මේ මාසය වෙත්දි රූගත කිරීම් සියල්ල ඉවර කරන්න පුළුවන් වේවි. මම හිතනවා මෙය වෙනත් ඓතිහාසික චිත්‍රපටවලට වඩා සිනමාවට වෙනසක් රැගෙන ඒවි කියා.

 

අනෙක් සුවිශේෂම කාරණය තමයි අපි පසුගිය දිනවල රූගත කිරීම් කරන්නට ගොස් සිදුවූ අමතක නොවන සිද්ධිය. එදා අපි රූගත කළේ අඹන් ගඟ මැද දර්ශනයක්. අඹන් ගඟ බෝවතැන්න ජලාශයට සම්බන්ධයි. අපි රූගත කරන්න කලින් බෝවතැන්න ජලාශයට දැනුම් දීමක් කළා වතුර ඉවත් කරනවා නම් අපට දැනුම් දෙන්න කියලා. එදා ඒ පණිවුඩය කෙසේ හෝ අපට ලැබුණේ නෑ. අවුරුදු 5 – 6 කුඩා ළමයි ගඟ මැද තබාගෙන කැමරාත් හයිකරගෙන ඉන්නකොට අපිට තේරුණා වතුර ටිකක් වැඩිවේගන එන බව. ඉක්මනට දරුවන් ආරක්ෂිත තැනකට ගෙනිහින් කැමරා උපකරණත් රැගෙන ගඟෙන් ඉවත් වූ නිසා හොඳට ගියා. තව විනාඩි 10 – 15 ක් ඇතුළත අති විශාල ජල කඳක් ඇවිත් අපි හිටිය හරිය සම්පූර්ණයෙන්ම යට කරගෙන ගියා.

(අන්තර්ජාලය ඇසුරින්)

 

මේ ලිපියෙත්.  අදහස් හා යෝජනා කියන්නකෝ…
www.facebook.com/charuka4u
තවත් තොරතුරු ලබා ගන්න… මගේ බ්ලොග් පිටුවට එන්න…
http://charukalakshitha.blogspot.com/

 

” සිරි පැරකුම් ” විශේෂ අවස්ථා කිහිපයක්

6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Author

5 thoughts on “දරු සුරතල් මැද රුගන්වූ ” සිරි පැරකුම් “

  • පුතා මේකනම් නියම වැඩක්. දිගටම කරගෙන යන්න. සුභ පැතුම්.

    Reply
  • මෙන්න නියම ලිපියක්.
    දිගටම මේ වගේ සවිස්තරාත්මක ලිපි දෙමු සහෝ.
    තවත් මේ වගේම සාරගර්භ ලිපියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *