සිනමාවේ ගීත ලොවින් 54 | Can’t Forget You (Tujhe Bhula Diya)

ඔන්න මම අදත් මංසලට ගොඩ වෙන්නේ තවත් අලුත් දෙයක් අරගෙන…
මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ 2010 වසරේ තිරගත වූ Anjaana Anjaani චිත්‍රපටියේ එන Tujhe Bhula Diya ගීතය ඇසුරු කර ගනිමින්.

මේක හින්දි සහ ඉංග්‍රීසි භාෂාව කලවම් වෙලා යන සින්දුවක්. ඒ කිව්වේ මේක නිර්මාණය කරලා තියෙන්නේ ඔරිජිනල් හින්දි සිංදුව අතරට අලුතින් නිර්මාණය කරපු ඉංග්‍රීසි පද පේලියක් එකතු කරලා. මේ දවස් වල පරණ සින්දු ප්‍රතිනිර්මාණය කරන එක ට්‍රෙන්ඩ් එකකට ගිහින් වගේ 😛 මතකනේ Dheere Dheere සිංදුව

අද ගෙනාපු ගීතය ගායනා කරන්නේ අර්ජුන් සමගින් ජෝනිතා ගාන්ධි
සංගීත අධ්‍යක්ෂණය අර්ජුන් සමගින් විශාල්-ශේකර්
ඒ වගේම ඉංග්‍රීසි පද පේලි කිහිපය රචනා කරලා තියෙන්නේ ගීතය ගයනා කරන අර්ජුන් විසින්මයි.

ඒ වගේම මුල් ගීතය වන Tujhe Bhula Diya ගැන කිව්වොත්
ඒක ගයනා කරන්නේ මෝහිත් චවුහාන්, ශේකර් රාජ්විණි, සෘති පතක් විසින්
කුමාර් සමගින් විශාල් තමයි ඒ ගීතය රචනා කරලා තියෙන්නේ.
සංගීතය විශාල්-ශේකර් විසින් සිදු කර තිබෙනවා.

ඒ විස්තර දිහා බැලුවම පේනවා අද මම අරගෙන එන ඒ ප්‍රතිනිර්මාණය කල ගීතයත් ඊට අදාලා මුල් ගීතයේ හිමිකරුවන් විසින්ම සිදු කරලා තියෙන බව.

ඉතින් සිංදුව නම් ගොඩක් ජනප්‍රියයි වගේම ගොඩක් ලස්සනයි
සිංහල උපසිරැසි එක්කම ඔන්න ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ඒ රසය තවත් ඔබට සමීප කරන්න ඕන නිසා.
එසේ නම් තවත් නිර්මාණයකින් නැවත හමුවෙමු.. ජයෙන් ජය…!!

තාරක නුවන් දිල්හාර (71 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *